sanjaya-mahawatte-arrested

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් මත මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) රාත්‍රියේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව පැවසිණි.


හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන කෙහෙළිය ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමාකිරීම ගැන සංජය මහවත්ත ඇතුළු පිරිස මින් කලකට ඉහත විශාල සටනක් ගෙන ගිය අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසීමේ සිද්ධියක් නිසා මාස කිහිපයකට පෙර අත්අඩංගුවට පත්ව තිබුණි.
පසුගිය දිනවල නිරූපණ ශිල්පිණී  පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් සැකයක් ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළේද සංජය මහවත්තය. ඔහුගේ පැමිණිල්ල නිසා ඒ සම්බන්ධ විමර්ශනයක්ද ඇරඹීණි.


පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.