sanjaya-rajaratnam-ranil

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් වනු ඇත.නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු

නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ දී ඊයේ (26) රාත්‍රී රැස්විය .

මේ අනුව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේ දී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණි. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පළමු වරට කළ නිර්දේශය ද එම සභාව ඉකුත් 18 වැනිදා ප්‍රතික්ෂේප කළේය. එම නිර්දේශය සම්බන්ධයෙන් එදිනද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර අතර එම ඡන්ද විමසීමේ දී ද නිර්දේශයට විරුද්ධව

ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් වශයෙන් ලැබීමෙන් යෝජනාව ප්‍රතික්ෂේප විය.

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නීතිපති ධූරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුගිය 2021 වර්ෂයේ මැයි 6 වැනිදා දිවුරුම් දුන්නේය. රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයා විය. නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහ විවිධ සංවිධානවල දැඩි විරෝධතාව පසුගිය කාලයේදී පළවිය.

අංජුල මහික වීරරත්න