school-close-open-june-6
ගාල්ල හා මාතර ගං වතුර තත්වය පහව ගොස් හෝ බොහෝ දුරට පහව යමින් ඇති පසුබිම තුළ අවතැන් කඳවුරු නොමැති පාසල් සියල්ල හෙට 05 බ්‍රහස්පතින්දා සිට විවෘත කරන බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම්වරයා දන්වා ඇත.



මේ අතර ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙස බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් උපදෙස් දී තිබේ.

හෙට දිනයේදීත් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසාතැබීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට හා ඇහැළියගොඩ කොට්ඨාස වලට අයත් සියලු පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලු පාසල් වසා තැබෙනු ඇත.