shabeer-ahamed-trinity-student-death

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කළ 19 හැවිරිදි තරුණ සිසුවෙකු පාද තුවාලයක් ඔඩු දුවා හදිසියේ මිය යාමේ කණගාටුදායි පුවතක් වාර්තාවේ.
මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ශබීර් අහමඩ් නමැති තරුණයා ඊයේ අලුයම මිය ගියේ යතුරුපැදියකින් යමින් සිටියදී වැටීමෙන් පාදයේ තුවාලයක් සෑදී උත්සන්නවීමෙන් පසු පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබාගන්නා අතරතුරදීය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ පෙනහළු ආසාදනය වීමෙන් හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි සිසුවාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ නිසා ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට දෙමාපියන් පියවර ගත් අතර පසුව හඳුනාගැනුනේ රෝගියාගේ පෙණහලුවල විෂ තිබෙන බවය. එයට ප්‍රතිකාර ආරම්භ කළ අතර
විද්‍යාලයේ අනුග්‍රහය ඇතිව විශේෂ ප්‍රතිකාර සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් සිසුවා කරාපිටිය රෝහලට රැගෙන යාමටද ස

ැලසුම් කර තිබියදී ඊයේ අලුයම සිසුවා මියගොස් තිබේ.

විද්‍යාලයීය විදුහල්පති අරලිය ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දරුණු නියුමෝනියාවකින් පසුව බහු අවයව අකර්මණ්‍ය වීමෙන් අහමඩ් මිය ගිය බවයි.
එම සටහනේ මෙසේ දැක්විණි.
“අපගේ ආදරණීය ශිෂ්‍යයෙකු සහ රග්බි ක්‍රීඩකයෙකු ගේ ඛේදජනක අභාවය පිළිබඳව අපි ඔබට දන්වන්නේ දැඩි ශෝකයෙන් සහ දැඩි කම්පාවකිනි. ෂබීර් අහමඩ්, දරුණු නියුමෝනියාවෙන් පසු බහු අවයවයන් අකර්මණ්‍ය වීම හේතුවෙන් සමුගත්තේය. ෂබීර් අපේ පාසල් ප්‍රජාවේ ඉතා ප්‍රියමනාප ළමයෙක් වගේම ආදරණීය සාමාජිකයෙක්. මෙම වියෝව ශබීර්ව හඳුනන සියලු දෙනාටම දැඩි ලෙස දැනෙන අතර මෙම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලය තුළ ඔවුන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන්නෙමු."