sonakshi-sinha-wedding

ප්‍රකට බොලිවුඩ් නිළි සොනක්ෂි සිංහා යුග දිවියට පිවිස තබේ. ඇය අතගත්තේ බොලිවුඩ් නළුවෙකු වන සහීර් ඉක්බාල් සමගයි. වසර ගණනාවකට පසු ඔවුන්ගේ පෙම් සබඳතාවය අද විවාහයකට පෙරළුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සොනක්ෂිගේ නිවසේ පැවති කුඩා උත්සවයකදී දෙදෙනා විවාහ වූ අතර එයට ඔවුන්ගේ පවුලේ අය සහ සමීප මිතුරන් පමණක් සහභාගී වූ බව වාර්තා කර තිබේ. සොනක්ෂි සහ සහීර් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ පළමු ඡායාරූප සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන තිබේ.
විවාහ උත්සව දින රාත්‍රී  ජනප්‍රිය අවන්හලක් වන බැස්ටියන් හි සාදයක්ද පවත්වා ඇති අතර ඒ සඳහා
සමීප මිතුරන් එක්වූ බව පැවසිණි.


සොනක්ෂි සින්හා සහ සහීර් ඉක්බාල් ඔවුන්ගේ සම්බන්ධය මුලදී දැඩි ලෙස පුද්ගලිකව තබා ගත් අතර, එකිනෙකා සමඟ පින්තූර බෙදාගැනීමෙන් වැළකී සිටිමින් ප්‍රවේශම් විය. බොලිවුඩ් වාර්තා අනුව සහීර් සහ සොනක්ෂි එකිනෙකා මුණගැසුණේ සල්මාන් විසින් පවත්වන ලද සාදයකදීය.

පසුව මෙම යුවළ අවසානයේ 2022 ප්‍රහසන නාට්‍යයක්වූ 'ඩබල් එක්ස්එල්' හි වැඩ කළ අතර, සම්බන්ධය රහසක් ලෙස තබාගත් බවත් මුල්වරට පළමු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2023 පමණ වන බව පැවසිනි.

වයස 37 ක් වන සොනක්ෂි සිංහා උපත ලැබුවේ 1987 ජුනි 2 වන දින බිහාර් ප්‍රාන්තයේ පට්නා හිදීය. ඇගේ මව් පියන් දෙන්නාම සිනමාවට සම්බන්ධිතය. පියා ශතෘඝන් සිංහ සහ මව  පූනම් සිංහ (නී චන්දිරමනී) ය. ඇගේ පියා ශතෘඝන් සිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කරයි. සොනක්ෂි එම පවුලේ දරුවන් තිදෙනාගෙන් බාලයා ය - ඇයට නිවුන් සහෝදරයන් වන ලුව් සිංහ සහ කුෂ් සිංහා සිටී. 

සොනක්ෂි පාසල් අධ්‍යාපනයෙන් පසුව විලාසිතා නිර්මාණ උපාධියක් ලබා චිත්‍රපට වලට කලක් ඇඳුම් නිර්මාණකාරියක ලෙස කටයුතු කළ අතර, පසුව චිත්‍රපටවල රඟපෑමටද සම්බන්ධ විය.