sri-lanka-death-rate

මෙරට තුළ වාර්ෂිකව සිදුවන මරණවලින් 89%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ වසරකට පුද්ගලයන් 60,000ක් පමණ අඝාතයට පත්වෙන අතර ඉන් 4,000ක් මරණයට පත් වන බවත්,

තවත් 56,000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවත්ය.එසේම අනතුරු හේතුවෙන් 6,000ක් පමණ දෙනා මරණයට පත් වන බවත්, ලක්ෂයකට වැඩි පිරිසක් ආබාධයන්ට ලක් වන බවත්, ඒ සඳහා අවශ්‍ය පුනරුත්ථාපන සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය. දුම් පානය හේතුවෙන් 20,000ක් පමණ දෙනා මියයන බවද සඳහන්ය.

ලේකම්වරයා පෙන්වාදෙන පරිදි උද්ගතව ඇති මෙම තත්ත්වය පාලනය කිර්ම සඳහා ජනතාව දැනුම්වත් කිර්ම,හඳුනා ගැනීම,රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ ඇති කළ යුතුය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ වර්තමානය වන විට පස්දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 වැඩි අය වන බවයි. ඒ අනුව වර්ෂ 2030 වන ව්ට හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවට පත් වන බවත්, ඔවුන්ට පවතින සුවිශේෂ සෞඛ්‍ය ප්‍රශ්න සඳහා ප්‍රතිකාර කිරිමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
නිදර්ශනි වික්‍රමසිංහ