starlink-usd-99-sri-lanka

එලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල සේවාව සැපයීම සම්බන්ධ TRCSL අනුමැතිය හිමිවූ බව ඊයේ වාර්තා විය.
Starlink තවමත් ශ්‍රී ලංකාවේ දුරකථන ජාල සමාගමක් ලෙස ස්ථාපිත වී නොමැති අතර ඉදිරියේදී එය සිය කටයුතු ඇරඹීම සඳහා ලියාපදිංචිය ලබන්නට නියමිතය.


විදුලි සංදේශ නියාමන පනතේ 17 සහ 22 වගන්ති යටතේ සංඛ්‍යාත බලපත්‍රයක් ලබා දෙමින් TRC එය අනුමත කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා සඳහන් කළේය. චන්ද්‍රිකා තාක්ෂණයට අදාළ වගන්ති එක්කරමින් විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පනත සංශෝධනය කරන්නට සිදුවන බවද ඔහු කීය.
වැඩිදුරටත් මෙසේ කීය.
"මෙම සේවාව සඳහා පුද්ගලයෙකුට මූලික සැකසුම හෝ ලියාපදිංචි කිරීමේ පිරිවැය US$ 400 සහ US$ 600 අතර
(ශ්‍රී ලංකා රුපියල් 120000 සිට180000 අතර) පරාසයක පවතිනවා.
 මාසික ගාස්තුව US $ 99  (රුපියල් 30000) විතර වේවි.

චන්ද්‍රිකා තාක්‍ෂණය නිසා මෙම උපකරණ මගින් ලොව ඕනෑම තැනක අන්තර්ජාල ප්‍රවේශය ලබා දෙනවා පමණක් නෙවී පවතින වේගයට වඩා කිහිප ගුණයකින් වැඩි වේගයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ෆයිබර් තාක්ෂණයටත් එහා වේගයක් වේවි. මෙමගින් රටේ තාක්ෂණික ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති. "