student-school-teacher-issue

පාසල් ගුරුවරියකගේ රුව නිරුවත් රුවක් සමගින් බද්ධ කළ එම පාසලේල්ම සිසුවෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිත ලෙසත් වැඩිදුර විභාගයට අගෝස්තු මස 28වැනිදා නැවත කැදවන ලෙසත් ඊයේ (11දා) නියම කළේය.එමෙන්ම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත්, සංස්කරණය කළ ඡායාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන් වනතෙක් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් සැකකරුට අවවාද කළේය.



සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ, මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුරුවරිය මානසික වියවුලෙන් පසුවන බවයි.සියදිවි හානි කරගැනීමේ අවදානමක් පවා ඇති බව පැවසු ඒ මහතා සැකකරු එම සංස්කරණය කළ සේයාරූ ෆේස්බුක් අසභ්‍ය දර්ශන අඩංගු සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළ කර තිබූ බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.ස

ැකකරු වෙනුවෙන් කරුණු කී නීතිඥයින් එහිදී කියාසිටියේ එම චෝදනාවේ කියන සමූහයන් සම්බන්ධ වගකීම් භාර නොගන්නා බවයි. එමෙන්ම සාක්ෂි සදහන් කළැයි කියන අයද අඩුවයසේ පසුවෙන්නෙක් බැව් කියමින් සැකකරුවෙනුවෙන් ඇප ආයාචනා කළහ.