sugathadasa-stadium-swimming

බස්නා­හිර පළාත් පිහි­නුම් තර­ගා­ව­ලි­යක් සඳහා සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යට පැමිණ සිටි බාල­ව­ය­ස්කාර දැරි­යන්ගේ අඟ­ප­සඟ වීඩි­යෝ­ගත කළැයි කියන සිද්ධි­ය­කට අදා­ළව ග්‍රෑන්ඩ්පාස් පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගත් විදු­ලි­බල මණ්ඩ­ලයේ සේව­ක­යකු ලබන මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් මංජුල රත්නා­යක මහතා ඊයේ (18) නියෝග කළේය.



මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ විදු­ලි­බල මණ්ඩ­ලයේ සේවය කරන හොරණ පදිංචි (33) හැවි­රිදි පුද්ග­ල­යෙකි.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ග්‍රෑන්ඩ්පාස් පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ එම තර­ගා­ව­ලිය සංවි­ධාන කළ පුහු­ණු­කරු විසිනි.

බස්නා­හිර පළාත් පිහි­නුම් තර­ගා­ව­ලි­යක් සඳහා කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාස­ලක දැරි­යන් පිරි­සක් ඉකුත් 15 වැනිදා සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යට පැමිණ ඇති අතර එහිදී තර­ගා­ව­ලි­යට ප්‍රථම ඇඟ උණු­සුම් කිරීමේ ව්‍යායා­ම­වල නිර­ත­වන අව­ස්ථා­වේදී මෙම සැක­කරු එම දැරි­යන්ගේ අඟ­ප­සඟ වීඩි­යෝ­ගත කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.



පුහු­ණු­කරු විසින් කරනු ලැබූ පැමි­ණි­ල්ල­කට අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන පරීක්ෂා කර බැලී­මේදී ඔහුගේ ජංගම දුර­ක­ත­නයේ දැරි­යන්ගේ වීඩියෝ පට ගබඩා වී ඇති බවට හෙළිවූ බවද පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රුගේ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
(නිමන්ති රණ­සිංහ)