t20-world-cup-2024-points-table

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැති තරගය කඩුළු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩයාමේ ආරාධනයට අනුව

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 103ක් රැස්කර ගත්තේය.
අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවන් රැසක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යමින් සිටි අවස්ථාවක විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත් විය.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වේ.
මිලර්ට සහය ලබාදෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 33ක් රැස්කර ගත්තේය.
ඒ අනුව පන්දුවාර 18යි පන්දු 5කදී කඩුළු 6ක් දැවී දකුණු අප්‍රිකානු පිල ලකුණු 106ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.




මේ අතර එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම  සමත් විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයකට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පන්දු 16කදී ලකුණු 39ක් රැස්කර ගත්තේය.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.
අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණී.
එංගලන්ත පිල වෙනුවෙන් ජොශ් බට්ලර් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය.
ඒ අනුව මෙම තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.




2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් – උගන්ඩා කණ්ඩායම අතර තරගයේලකුණු 134ක දැවැන්ත ජයක් හිමි කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05 දැවී 173 ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි උගන්ඩා කණ්ඩායම පන්දුවාර 12තුළ සියල්ල දැවී රැස් කරනු ලැබුවේ ලකුණු 39 පමණකි.

නවතම  Points Table පහතින්