tamil-commen-candidate-sri-lanka-president

ඉදිරි ජනපතිවරණයේදී  දෙමළ ජනතාවගේ ඡන්ද වාසිය සිංහල අපේක්ෂකයෙකුට යාම වැළැක්වීමේ අරමුණින් දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට පසුගිය දිනවල මහත් කථාබහක් ඇතිව තිබුණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් පොදු අපේක්ෂකයෙකු පිළිබඳ අදහස මුලින් ඉදිරිපත් කළ අතර හිටපු කොටි සටන්කාමීන්ගේ අරමුණ වූයේ ජනපති තරගය අස්ථාවර මට්ටමකට ගෙන ඒමටත් දෙමළ ජනතාවගේ ශක්තිය විදහා දැක්වීමටත්ය.



ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ (DTNA) නායකයින් සඳුදා රැස්වීමක්ද පවත්වා මේගැන තොරතුරු සාකච්ඡා කර තිබෙන නමුත් දැන් ස්ථාවරය වී ඇත්තේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන්නටය. මෙයට හේතුව ඉන්දීය මැදිහත්වීමකි.

උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා වෙනම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ඉදිරිපත් කර තිබූ මතය පසුගියදා ඉන්දීය විදේශ ඇමතිවරයා හමු වූ අවස්ථාවේදී ද සාකච්ඡා කර ඇති නමුත් එම යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව අකමැත්ත පළ කර ඇතැයිද දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.



නව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා ලෙස යළිත් වරක් ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් පත්වීමෙන් පසුව මෙරට නිල සංචාරයක පසුගිය සතියේ නියැළිනි. එහිදී ආණ්ඩුවේ නායකයින් හමුවීමට අමතරව විශේෂයෙන් ම උතුරේ පක්ෂ නියෝජිතයන්ද ඔහු සාමුහිකව හමු වූ අතර වෙනම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේ ඉන්දීය විදේශ ඇමතිවරයාගේ මුහුණේ ඉරියව් පවා වෙනස් වෙමින් දැඩි ප්‍රතිචාර දක්වා ඇති බවත්
ඔහු කියා ඇත්තේ "අ‍පි අරමුණු කරගෙන ඉන්නේ රනිල් දිනවන්න එතකොට තමා අපට වාසියක් තියෙන්නෙ. ඕව කරන්න හිතන්නවත් එපා" යනුවෙනි.