thambuttegama-bride-missing-found

විවාහ මංගල්‍යය සිදුවී දින හතරකට පසු පැහැරගෙන ගිය බව කියන 20 හැවිරිදි මනාලිය මොරටුව ප්‍රදේශයේ නිවෙසක සිටියදී ඊයේ (17) සොයා ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මනාලිය පැහැරගෙන ගියේ යැයි කියන මොරටුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ද මේ සමඟ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.

මනාලිය මිදුල අතුගාමින් සිටි අතරවාරයේදී පැහැර ගැනීමකට ලක් වී යැයි පැවසීයේ පෙරේදා (16) උදෑසනය. අත්අඩංගුවට ගැනුණ තරුණයන් දෙදෙනාගෙන් අයකු මෙම මනාලියගේ කලින් පෙම්වතා යැයි ද පොලිසිය පැවැසීය.

මනාලියගේ පළමු පෙම්වතා තඹුත්තේගම ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කර ඇති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙළෙඳසලේ සේවය කරන අතර වාරයේ ඇය හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවක් කලක් තිස්සේ සිට පවත්වාගෙන ගොස් ඇතත් පොලිස් නිලධාරියකු වන ඇයගේ පියා සහ මව ඊට එකහෙළාම විරුද්ධ වී වෙනත් විවාහයක් මීට දින හතරකට පමණ ඉහත දී කරදී ඇතැයි පොලිසිය පවසයි.තමන්ගේ දැඩි අකමැත්ත මත මවුපියන්ගේ බලකිරීම අනුව වෙනත් තරුණයකු හා විවාහ වූ බවත් තමා මොරටුවේ පෙම්වතා සමග සිය කැමැත්තෙන් පලා ගිය බවත් විසි හැවිරිදි මනාලිය පොලිසියට පවසා ඇතැයි කියති.පියා කියන ආකාරයට තමා පැහැර ගැනීමකට ලක් නොවූ බව ද ඇය පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මනාලියගේ පියා තම දියණිය පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබූ නිසා ඇයගේ පෙම්වතා බව කියන තරුණයා

සඳහා හවුල් වූ බව කියන එම තරුණයාගේ මිතුරු තරුණයා ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් සඳහන් කළේය.

මොරටුවේදී පොලිස් භාරයට ගත් විසි හැවිරිදි මනමාලිය සහ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු එම මනාලියගේ මවුපියන් ද කැඳවා මේ හා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.අලුත විවාහ වූ මනාලියක තඹුත්තේගම ප්‍රදේශයේදී පැහැරගෙන මෝටර් රථයකින් මහව දෙසට පලා එන බවට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක් අනුව නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා විසින් පොලිස් මාර්ග බාධක යොදවා එම රථය අල්ලා ගැනීමට මෙහෙයුමක් ද පෙරේදා කර තිබිණි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

සිද්ධිය ගැන පෙර විස්තරය
බැඳලා දවස් 4යි- මනාලිය පැහැරගෙන