thanuja-weerasuriya-arrested

ධන­ව­තුන් බීමත්ව විනෝදවන අවස්ථාවලට සුරූපී ගණි­කා­වන් ජංගම කුලී රථ සේවා­ ඔස්සේ සපයන නිළියක පොලිසියට හසුව තිබේ. තරු පන්ති හෝට­ල්වලට, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකී­ර්ණ­වල පැවැ­ත්වෙන සාද වලට  මේ කාලයේ ප්‍රකට නවක නිළියන්ද සැපයුම් කරමින් සිටි තනුජා වීරසූරිය නමැති සරාගී චිත්‍ර­පට නිළි­යක වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය කළ මෙහෙ­යු­ම­කදී කාන්තා­වන් පිරිසක් සමග ඊයේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම ගණිකා ජාවා­රම මෙහෙ­යවා ඇති 48 වියැති තනුජා වීරසූරිය මීට දශක දෙකකට පමණ පෙර වැඩි­හි­ටි­යන්ට පම­ණක් සීමා වූ කාම රැල්ලේ චිත්‍ර­පට කිහිපයකටද රංග­න­යෙන් දාය­ක­ත්වය දුන් තැනැ­ත්ති­යකි. හාදු වැස්සක් (2004), කාටවත් කියන්න එපා (2004), මට තාම මතකයි (2005) ආදී චිත්‍රපට වලට ඇය දායකවී ඇති අතර මෑත කාලීනව ඇය ටෙලි නාට්‍ය කිහි­ප­යක ද  වැඩිහිටි විහිළු සහිත යූටියුබ් නාලිකා සඳහා රඟපා ඇති බවත් විම­ර්ශ­න­යේදී හෙළිවී ඇත. වට්ස්ඇප් යෙදු­ම හරහා ඇය ගණිකා ජාවා­රම මෙහෙ­යවා ඇති බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.



චිත්‍ර­පට හා ටෙලි නාට්‍ය නිළි­යන් රුපි­යල් 45,000ක් වැනි මුද­ල­කට ඇය විසින් ධන­ව­තුන්ට අලෙවි කරන බව විම­ර්ශ­න­යේදී හෙළි වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය. නිළි­යන්ව මුද­ලට ලබා­දීම සම්බ­න්ධ­යෙන් ඇය ව්‍යාපා­රි­ක­යන් සමඟ කථා­බහ කරන හඬ­පට රැසක් ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන්ට හමුවී තිබේ.

ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහතා විසින් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේන්ද්‍ර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් යොදවා කළ වැට­ලී­ම­කදී මෙම නිළිය ඇතුළු ගණි­කා­වන් පස්්දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මොර­ග­හ­හේන කෝර­ල­යිම දෙම­ට­හැත්ත ප්‍රදේ­ශ­යේ­දීය. මෙම ජාවා­රම මෙහෙ­යැවූ නිළිය මල්වානේ පදිං­චි­කා­රි­යක බව මධ්‍යම දූෂණ මර්දන බළ­කාය සඳ­හන් කළේය. මෙම නිළිය ඇතුළු අත්අ­ඩං­ගු­වට ගත් තරු­ණි­යන් මොර­ග­හ­හේන පොලිස් ස්ථාන­යට භාර­දුන් බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රකා­රක බළ­කාය සඳ­හන් කළේය.



මෙම ගණිකා ජාවා­රම ගැන ලද තොර­තුර සිය ඉහළ නිල­ධා­රීන්ව දැනු­වත් කිරී­මට එහි ස්ථානා­ධි­පති ඉන්දික වීර­සිංහ මහතා පිය­වර ගෙන තිබිණි. ඒ අනුව මෙම වැට­ලීම සිදු කර ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක ඒක­කයේ අධ්‍යක්‍ෂ සම­න්ති­ලක වැලි­විට මහ­තාගේ සැල­සු­ම­කට අනු­වය. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ පොලිස් සැර­යන් (428) ජය­ලාල් උපාය දූත­යකු ලෙස යොදවා උපා­ය­ශී­ලීව සුරූපී සරාගී නිළිය ඇතුළු කණ්ඩා­යම මොර­ග­හ­හේන කෝර­ල­යිම දෙම­ට­හැත්ත ප්‍රදේ­ශ­යට ගෙන්වා­ගෙන අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­කර ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. මෙම කාන්තාව තරු­ණි­යන්ව ගණි­කා­වන් ලෙස අලෙවි කරනු ලබන්නේ රුපි­යල් 30,000 සිට ඉහළ ගණ­න්ව­ලට බව ද අනා­ව­ර­ණය වී තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගන්නා ලද කාන්තා­වන් අවු­රුදු 25ත් - 45ත් අතර වයස් ගණ­න්වල පසු­වන බියගම, අම්පාර, බොර­ලැ­ස්ග­මුව, මාතර යන ප්‍රදේ­ශ­වල පදිං­චි­කා­රි­යන්ය.

මෙම කාන්තා­වන් සුපිරි තරු පන්ති සාද­ව­ලදී ව්‍යාපා­රි­ක­යන් සමඟ විදේ­ශීය මත්පැන් පානය කර­මින් සහ මත්ද්‍රව්‍ය භාවිත කර­මින් ව්‍යාපා­රි­ක­යන්ගේ මන­දොල සපු­රා­ලී­මට කට­යුතු කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවූ බව පොලි­සිය කියයි. මෙම ජාවා­රම මෙහෙ­යැවූ නිළිය ව්‍යාපා­රි­ක­යන් අතර ප්‍රසි­ද්ධි­යක් ලබා­ගෙන ඇති බැවින් සෙසු නිළි­යන්ව ඇය ව්‍යාපා­රි­ක­යන්ට අලෙවි කර ඇති බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත. ව්‍යාපා­රි­ක­යන්ට තරු පන්තියේ හෝටල් කාමර වෙන් කර ගන්නා ලෙස පවසා එම හෝටල් කාම­ර­ව­ලට නිළි­යන් රැගෙන ගොස් මෙම ජාවා­රම ඇය විසින් සිදු කර ඇති බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත.