tharjanee-wedding

 ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයකු වන ආර්. ප්‍රශාන් මහතා සමග පෙරේදා (17) යුග දිවියට පිවිසියාය.
 මංගල උත්සවය චෙන්නායි නිව් අයිලන්ඩ්ස් හෝටලයේදී පැවැත්විණි.
45 වන වියේ පසුවන තර්ජනීගේ උස අඩි හයයි අගල් දහයකි. 2019 ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් අත් කරගත් ක්‍රීඩිකාව වූ ඇය 2011 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ හොඳම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය.



2009 දී වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තර්ජනී 2018- 2022 වසරවල ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු මෙහෙයක් කළාය. ඇය ක්‍රීඩා කළ 2012- 2014 සහ2016 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ අනු ශූරියන් බවට පත් විය.
තර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමුදුන්නාය.