tharushi-kalinga-spain-win

ස්පාඤ්ඤයේ බිල්බාවෝහිදී පැවැත්වෙන XIX BILBAO REUNIÓN ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (18දා) පැවැති අවසන් වටයේ තරග ඉසව් දෙකකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාරගේ සහභාගි වී දෙවන හා තෙවන ස්ථාන ලබාගෙන තිබේ.



 කාලිංග කුමාරගේ සහභාගි වූ මීටර 400 ඉසව්වේ අවසන් තරගයේ තත්. 45.91ක කාලයක් වාර්තා කර තෙවැනි ස්ථානය දිනාගැනීමට ඔහු සමත් විය.
'ඒ' කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගයේ ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට නම් ඔහු  තත්. 45.00ට අඩුවෙන් අවසන් කළ යුතුවූවද එය යංතමින් මග හැරිණි.

මේ අතර තරුෂි කරුණාරත්නද කාන්තා මීටර් 600 'ඒ' කොටසේ අවසන් තරගයට සහභාගිවී විනාඩි 1:24.84කින් තරගය අවසන් කර දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූවාය. තරුෂි දැක්වූ කාලය මෙම ඉසව්වේ (600m) ශ්‍රී ලංකා මෙන්ම ආසියානු වාර්තාවක් බවට පත්විය.



මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ ජපාන ක්‍රීඩිකාවක් වන Ayano Shomi වූ අතර, ඇය 2022 වසරේදී විනාඩි 1:28.06ක දක්ෂතාවක් දක්වා තිබුණාය.
තරුෂි සහභාගි වූයේ මී. 600 ඉසව්වට වුවත්, ඉන් ඇයට ලැබෙන ලකුණු මත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට සුදුසුකම් ලබා ගැනීම සඳහා පරිසාදන ලකුණු උපයාගැනී‌මේ හැකියාවක් ඇත.