thawalama-flood-incident

මේ වනවිට ගිංගඟ පිටාර ගැලීම නිසා ගාල්ල තවලම හා අවට ප්‍රදේශ දැඩි පීඩාවට ලක්ව ඇති අතර පුද්ගලයින් දෙන්නෙකු අතුරුදන්වී ඇත.
නෙළුව රෝහලට ඇතුළුවන සියළුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවීම හේතුවෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගීන් ගුවන් මගින් උඩුගම රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අමිල චන්ද්‍රසිරි පවසයි.



මේ වනවිට උඩුගම රෝහලටද ගිලන් රථ යාමට නොහැකි නිසා මව්වරුන් සහ රෝගින් හෙලිකොප්ටර් යොදා ගුවනින් ගෙන ඒමට කටයුතු කරන බව පවසා ඇත.
ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නේ අධික වැසි හේතුවෙන් ගිංගඟ පිටාර ගැනීම නිසා තවලම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවකි.



තවලම,නෙළුව, උඩුගම,හිනිදුම ආදි ප්‍රදේශවල පිඩාවට පත් ජනතාව බේරා ගැනිමට යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ සහන සේවා කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂිත උපකරණද සමග යවා ඇත.
 රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව දැනට වාර්තාවේ.