train-strike-7-june

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.


මේ හේතුවෙන් හෙට (7) දිනයේ දුම්රිය අඩුවෙන් ධාවනය වනු ඇතැයි වාර්තාවේ. වර්ජකයින් ප්‍රකාශ කලේ දුම්රිය ධාවනය කරන ස්ථාන 5 කින් 2 ක පමණක් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක නිසා දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල නොවනු ඇති බවයි.