university-police

 පොලිසිය යොදවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.



සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ප්‍රජාව අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා ඒවා සතුව තිබෙන දේපළ සඳහා එම විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදෙන්නැයිද අධ්‍යාපන ලේකම්වරිය යවා ඇති ලිපියක සඳහන් වේ.

එමෙන්ම විශ්වවිද්‍යාල පරිශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවලටද එම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නැයිද අධ්‍යාපන ලේකම්වරිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කර ඇති ඉල්ලීමේ සඳහන් වේ.

මෙ වනවිට සරසවි අනධ්‍යයන සේවක වර්ජනයක් ක්‍රියාත්මක වන නිසා බොහෝ සරසවි වසා දමා තිබේ.