vauniya-police-jeep-house

වව්නියාව ප්‍රදේශයේදී  පොලිස් ජීප් රථයක රියදුරුට එය පාලනය කර ගත නොහැකිව නිවසක් ඇතුළට කඩා වැදී අනතුරක් සිදු වී තිබේ.
නැදුන්ගේනි - පුලියන්කුලම් මාර්ගයේ ධාවනය වූ පුලියන්කුලම පොලිස් ස්ථානයේ ජීප් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ තිබූ මෙම නිවසට ඇතුළුවී නතරවී ඇත. නිවසේ වැට කඩාගෙන ගිය ජීප් රථය නිවස තුළ නවතා තිබූ යතුරුපැදියකටද,

පාරේ තිබූ විදුලි කණුවටද, නිවසේ ජල සම්බන්ධතා නල වලටද, අසල තිබූ මඩුවකටද හානි කර ඇත.
සිද්ධිය සිදුවන අවස්ථාවේ මඩුවේ ටියුෂන් පන්තියක් පැවැත්වී ඇති අතර ඉගෙනුම ලබමින් සිටි සිසුන් 40ක් පමණ අනතුරෙන් යංතමින් බේරී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ පුලියන්කුලම පොලිස් ස්ථානය භාර නිලධාරිවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු සිවිල් ඇඳුමින් රථයේ සිට ඇති බව අනතුර සිදුවූ ප්‍රදේශයේ ජනතාව පවසති.
මහජනතාව ප්‍රදේශයට රැස් වූ විට පොලිසිය එතැනින් නැදුන්ගේනි පොලිස් ස්ථානයට පලා ගිය බව පැවසේ. ටික වේලාවකට පසු නැදුන්ගේනි පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ පවත්වමින් ජීප් රථය ගොඩගැනීමට කටයුතු කරගෙන ගියේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම්ද එම ස්ථානයට ගෙන්වාගෙන වීම විශේෂත්වයකි.
පොලිසිය බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි අසල්වැසියන් උපුටමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.