vehicle-ban-season-imported

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, වාහන ආනයනය තහනම ක්‍රියාත්මක වූ කාලය තුළ වාහන 44,430ක් වෙළෙඳපොළට ආනයනය කර ඇති බවයි.

ඒ අනුව යතුරුපැදි 38,144ක් සහ මෝටර් රථ 6,286ක් වෙළඳපොලේ පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.



ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් වාහන එකලස් කරන්නන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

වාහන ගෙන්වීම සඳහා සීමා පනවා තිබුණද අමතර කොටස් එකලස් කිරීම සහ විකිණීම තවදුරටත් සිදුවන බවද වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා දේශීය වාහන නිෂ්පාදකයින් රැසක නියෝජිතයින් සහභාගී වූ අතර වාහන ආනයනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක් ද පැවැත්විණි.