video-fraud-china-piliyandala

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කර, මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත වූ බව කියන තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.එම සැකකරුවන් සහ සැකකාරියන් සමග එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු, අයිස් කැප් මුහුණු ආවරණයක්, රබර් උපකරණයක්, ආලෝකකරණ ෆ්ලෑෂරයක්, ජංගම දුරකතන, රුගත කිරිම සඳහා පරිහරණය කරන රඳවන, එක්තරා ඇප් එකක් අඩංගුව තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක්, සුදු පැහැති ක්‍රීම් අඩංගු ඇසුරුම්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 25ක් හා ගංජා මිශ්‍රිත ගුලි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.



අත්අඩංගුවට ගත් එක් තරුණ යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මෝදක ගුලි පාවිච්චි කරන බව පොලිසිය පවසයි. පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචි තරුණ අඹුසැමී ජෝඩු දෙකක ක්‍රියා කලාපය සැක සහිත බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත. අදාළ තොරතුර සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවෙස සොයාගෙන, පොලිස් නිලධාරීන් බව පවසා නිවෙසේ දොරට තට්ටු කර විවෘත කිරීමෙන් අනතුරුව, නිවෙස තුළට යාමේදී කාමරයක සිට පිටතට පැමිණි කතුන් දෙදෙනා අඩ නිරුවතින් සැරැසී සිටින අයුරු දැක ගැනීමට හැකි වී යැයි පොලිස් නිලධාරිනියක පැවැසුවාය.

එහි සිටි තරුණයන් දෙදෙනා සහ තරුණියන් දෙදෙනා බිම. හිඳුවා පොලිස් නිලධාරිනිය ඇතුළු නිලධාරීන් කාමරය පරීක්ෂා කිරීමේදී එහි ඇඳ මත ඇස් ආවරණ සහිත වෙස් මුහුණු, ක්‍රීම් වර්ගයක් අඩංගු ඇසුරුමක්, රබර් උපකරණයක් මෙන්ම ඇඳ අසලම ආලෝකකරණ ෆ්ලෑෂරයක් හා ජංගම දුරකතනයක් රැඳවූ රඳවනයක් ද තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් තරුණ අඹුසැමි ජෝඩු දෙකෙන් කළ ප්‍රශ්න කිරීමේදී, කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ ඉකුත් මාර්තු මාසයේදී මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෙම නිවෙස මසකට රුපියල් 25,000 බැගින් කුලී පදනම මත රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් දී ලබාගෙන පදිංචියට පැමිණ ඇති බවත්,

නිවෙස් හිමියාට පවසා ඇත්තේ අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු සිදු කරන බවත් යැයි පොලිසිය පවසයි.

එයින් මසකට පමණ පසු බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි අනෙක් යුවළ මෙම නිවෙසට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. කුලී නිවෙසේ ඉදිරිපස කාමරය සඳහාම විදුලි ආලෝක සවි කර සකසා ඇති අතර, වරෙක අඹු සැමියන් අතර සජීවී ලිංගික දර්ශන මෙන්ම තවත් වරෙක කාන්තාවන් දෙදෙනා අතර ලිංගික දර්ශන සජීවී ලෙස අන්තර්ජාලය හරහා අදාළ චීන සමාගම වෙත යොමු කරන බවත්, එම අවස්ථාවලදී කිසිදු බාහිර ශබ්දයක් එම සජීවී දර්ශනයට හෝ ඊට සම්බන්ධ ශබ්දයට බාධා වන ලෙස අඩංගු නොවීමට වග බලාගත යුතු බවත්, එසේ වුවහොත් තමන් නෙරපා හරින බවත්, සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය පවසයි.

වෙනත් රැකියාවක යෙදී ආකාරයෙන් මුදල් සෙවීමට නොහැකි බැවින් දවසෙත් වැඩි වේලාවක් දිවා රාත්‍රී දෙකේම මාරු ක්‍රමයට සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය හරහා මුදාහරින බවත්, ඒ හේතුවෙන් තමන්ගේ බැංකු ගිණුමට ඩොලර්වලින් බැර වන එම මුදල් රුපියල්වලට පරිවර්තනය වී සතියකට ලක්ෂයකට අධික මුදලක් බැර වන බවත්, සැකකරුවන්ගෙන් අනාවරණය වී යැයි පොලිසිය කියයි. 22, 23, 26, 27 වයස්වල පසු වන සැකකාර අඹුසැමි ජෝඩු දෙක වෙළෙඳාම පිණිස මහජන ප්‍රදර්ශනය සඳහා අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කිරීම සහ අපනයනය කිරීම යන චෝදනා යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ