vietnam-sri-lanka-education

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුෂිල් ප්‍රේම ජයන්ත ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන ඇත. මේ සඳහා 2024-2026 කාලසීමාව සඳහා සංශෝධන සහිතව 2017 සිට 2020 දක්වා කාලය සඳහා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත.



මෙහිදී උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය හා නවෝත්පාදන සම්බන්ධ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම, ද්විපාර්ශ්වික විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන අතර සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම මේ හරහා සිදුවේ.

එසේම විශ්ව විද්‍යාල දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ක්ෂේත්‍ර සහ පර්යේෂණ සඳහා ප්‍රථම උපාධිය හෝ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා ශිෂ්‍යත්ව හුවමාරු කිරීම.

ආයතන අතර ශිෂ්‍ය මාධ්‍යවේදීන් හුවමාරු කර ගැනීම වැනි කටයුතු සිදුකිරීමටයි එකඟතාව පළකර ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර 2024-2026 කාලසීමාව සඳහා එම කටයුතු සිදුකිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහසට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.