wellampitiya-incident
නිවසක සිටි පුතෙකු එම නිවසේ සිටින අයගේ කිසිදු අවසරයකින් තොරව නිවසේ තිබූ ගෘහභාණ්ඩ ඇතුළු ලක්ෂ 10 ක පමණ වටිනා දේ සොරාගෙන ගොස් තමන් විවාහ වන නිසා ඒවා රැගෙන යන බවට ලිපියක් ලියා තිබූ සිදුවීමක් වැල්ලම්පිටියෙන් වාර්තාවේ.


වැල්ලම්පිටියේ පිහිටි නිවසක පියෙකු පොලිසියට පැමිණ පැමිනිලි කර තිබුනේ තම නිවසේ භාන්ඩ අතුරුදන්ව ඇති බවත් ඒවා පුතා රගෙන ගොස් ඇත්තේ අවසරයකින් තොරව බවත්ය.
තමා නිවසේ නොමැති අවස්ථාවක සිය නිවසේ තිබූ අල්මාරි, ඇඳ, පුටු ඇතුළු භාණ්ඩ සියල්ල අතුරුදන් වී ඇති බව කළ පැමිණිල්ල ප්‍රකාරව නිවෙස පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ට,

එම නිවසේ පරණ මෙට්ටයක් පමණක් ඉතිරිකර අනෙකුත් භාණ්ඩ සියල්ල සැකකරු විසින් ලොරියක පටවාගෙන ගොස් තිබෙන බව අනාවරණය කරගන්නට හැකිව තිබේ. නිවසේ
තිබී හමුවූ පුතා ලියූ ලිපි සටහනේ මෙසේ තිබුණි.
"තාත්තේ...මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මම එයත් එක්ක පදිංචියට යනවා. ඒ ගෙදරට බඩු මොකුත් නැති නිසා මෙහේ තියෙන බඩු මම අරන් යනවා" යනුවෙනි.
වැල්ලම්පිටිය පොලිසිය මෙම පුත්‍රයාව අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.සොරාගෙන ගොස් තිබූ ලක්ෂ 10කට අධික භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙයි.ස

ොරාගත් භාණ්ඩවලින් කොටසක් රුපියල් 40,000ක මුදලකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
පෙර විවාහයෙන් වෙන්ව තනිකඩව සිටියදී නැවත විවාහවී ඇති බවත් වාර්තා විය.
මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙයි.