world-cup-twenty-20-semi

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය මේ වනවිට අවසන්ව ඇති අතර සුපිරි 8 පළමු කණ්ඩායමෙන් ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානයත් දෙවන කණ්ඩායමෙන් දකුනු අප්‍රිකාව හා එංගලන්තයත් අවසන් 4 දෙනාට තේරී පත්ව ඇත.
තරගාවලි සත්කාරක ඇමරිකාව හා බටහිර කොදෙව්වන් දෙපිරිසටත්, බංග්ලාදේශය හා ඕස්ට්‍රෙලියාවටත් තරගාවලියෙන් ඉවත්වන්නට සිදුව ඇත.
මෙහි විශේෂ තරගයක් අද බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර පැවතියේය. තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.ඒ අනුව ඕස්ට්‍රෙලියාවද තරගාවලියෙන් විසි විය.
 ඉදිරි අවසන් පූර්ව තරග දෙක
දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්ථානය අතර ජුනි 27 වනදා ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩා පිටියේදීත්, ඉන්දියාව හා එංගලන්තය අතර තරගය එදිනම ( ජුනි 27) ගුයානා ප්‍රොවිඩන්ස් ක්‍රීඩා පිටියේත් පවත්වන්නට නියමිතය.
අවසන් තරගය ජුනි 29 වනදා බාර්බඩෝස්හිදී පැවැත්වේ.