10000-for-non-strikers

පසුගියදා පැවති වැඩවර්ජන සටන් පාවාදී වෙනසක් නැතිව සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට විශේෂ දීමනාවක් දීමට රජය තීරණය කර තිබේ.


ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි.

එලෙස ලබාදෙන දීමනාව ගැන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාය. ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.
මේ ආකාරයට ප්‍රශංසා දීමනා තුළින් ඉදිරියේදී රට අකර්මන්‍ය කරන වැඩවර්ජන වළකා ලිය හැකි බවට හා  ඊළඟ වැඩවර්ජන වලදී අනෙක් අයත් 10000 ක් හෝ ඊට වැඩි දීමනාවක් වෙනුවෙන් සටන පාවාදෙනු ඇති බවත් කැබිනට් මණ්ඩලය තුළ අදහස් හුවමාරුවූ බවත් ඒ අනුව 10000 ‍දිය යුතු බවට එකඟතාව ඇතිවූ බවත් වාර්තා  විය.