පෙ.ව. 8.00
මැතිවරණ කොමිසම සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය කැඳවීම ගැන අමෙරිකානු තානපතිනි ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර  ‘X’ පණිවිඩයක් තබා තිබේ.
“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණ කොමිසමේ නිවේදනය අපි සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබාදෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු.” ඇය සටහන් කර ඇත.

පෙ.ව. 7.30
මැතිවරණයට අදාළ රාජකාරි කටයුතු ඊයේ(27) දිනයේම ආරම්භ කළ බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, මැතිවරණ කොමිසමෙන් ලිඛිතව දැනුම් දුන් පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයද ආරම්භ කරන බවයි.
මැතිවරණ කාර්යාලයේ නිලධාරින් සමග මෙන්ම අදාළ බලධාරින් සමග ඊයේ දිනයේ සාකච්ඡා කළ බවත් මැතිවරණයට අදාළ රාජකාරි සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් කරමින් පවතින බවත් පොලිසිය පැවසුවේ ය.

පෙ.ව. 7.00
ජනාධිපතිවරණයේදී  නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස එලෙස ඉල්ලුම් කළ හැකි බවයි. වැඩි විස්තර මෙතැනින්

පෙ.ව. 6.00
පොලිස්පතිවරයාට වාරණ නියෝගයක් නිකුත් කිරීම ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කාර්යයන් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගනිමින් සිදු කළ හැකි බවත් ඔහු කියා තිබේ.

පෙර දින Updates
2024 Election -  Short Updates (July 26)