A-talk-about-Mahela-Natasha-couple-with-Ambani-son-wedding

සිකුරාදා සිට ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වෙන ධනපති අම්බානිගේ පුතුගේ මංගල උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන කිහිප දෙනා අතරට ක්‍රිකට් ක්‍රීඩක මහේල හා ඔහුගේ බිරිය නටාෂාද ඇතුළත් විය. අයිපීඑල්හි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන්නේ අම්බානි වන අතර මහේල දීර්ඝ කාලයක් එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස අම්බානි පවුල සමගද සමීප සම්බන්ධයකින් කටයුතු කළේය. මෙම ආරාධනය ලැබෙන්නේ ඒ අයුරිනි.
මහේලගේ විවාහ ජීවිතය ගැන මාධ්‍ය තුළ අලුත් විස්තර පළවූයේ අඩුවෙනි. මේ නිසා බොහෝ දෙනෙක් දැක පුරුදු ක්‍රිස්ටිනා වෙනුවට විවාහක බිරිය ලෙස වෙනත් කෙනෙකු මෙම අවස්ථාවට පැමිණීම ඇතැමෙකුට ආගන්තුක විය.
මහේල ජයවර්ධන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමඟ 2005 නොවැම්බර් 3 වැනි දින විවාහ වූ අතර මෙම යුවළට දරුවෙකු ලැබුනේ විවාහයෙන් වසර 8 කට පසුය.


ශ්‍රී ලාංකික - ඩෙන්මාර්ක දෙමාපියන්ට දාව උපන් ක්‍රිස්ටිනා වෘත්තියෙන් සංචාරක උපදේශකවරියකි. ඇය ඩෙන්මාර්කයේ උපත ලැබූ අතර, ඇයට යන්තම් අවුරුදු දෙකේදී නිවාඩුවකට තම දෙමාපියන් සමඟ ලංකාවට පැමිණ පසුව 1990 දී ස්ථිරව පදිංචි වූ බවත් මහේලව සාදයකදී මුණගැසී දැනහඳුනාගත් බවත් පැවසිණි.
ඔවුනගේ විවාහයේ ඇතිවූ ප්‍රශ්න ප්‍රසිද්ධ කර නැත.
කෙසේ වෙතත් 2018-2019 කාලයේ මේ දෙන්නාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පවුලේ විස්තර වෙනස් කර තිබීම හා ඡායාරූප ඉවත් කිරීම් වැනි සංසිද්ධි නිසා ක්‍රීඩා ලෝලීන් මහේලගේ පවුලේ අර්බුදයක් ගැන වැඩි පුර කතාකර තිබුණි.
 මේ අතර පසුගිය 2021 ඔක්තෝබර් මාසයේ මහේල පුවත්පතකට පවසා තිබුනේ කොරෝනා බුබුලට හිරවීම හේතුවෙන් තමා දින 135 කින් දියණිය දැක නැති බවයි.
දැනට 47 වන වියෙහි පසුවන මහේල මීට වසර 3 කට පෙර 2021 දී පළමු විවාහයෙන් දික්කසාදවීමෙන් පසු අලුත් විවාහයකට පිවිසියේය.
මහේලගේ අලුත් විවාහය පසුගිය 2021 වසරේ දෙසැම්බර් 18 වනදා නටාශා මාකලන්ද සමග සිදුවිය.දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ විවාහ උත්සවය පුද්ගලික උත්සවයක් ලෙස පැවැත්වුණ අතර එහි එකම එක ඡායාරූපයක් පමණක් මාධ්‍ය වෙත එකල නිකුත් විය.
මහේලගේ එකම දියණිය සන්සා ආර්යා දැන් 11 හැවිරිදි වියෙහි පසුවන්නීය. 2018 මහේල බිරියගෙන් වෙන්වූ පසු දියණිය සිටින්නේ ඇය භාරයේය.
නව බිරිය නටාෂා මහෙලට මුණගැසෙන්නේ ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරද්දී යයි වාර්තාවේ.
අම්බානි පුතුගේ විවාහ උත්සවයට මහේල නටාෂා යුවළ පැමිණි අවස්ථාවේ ඉන්දියානු මාධ්‍ය කැමරා කණ්ඩායම් හමුවේ ඔවුන් ඉහළ පිළිගැනීමකට ලක්වන අතර ඡායාරූප ශිල්පීන් ඉදිරියේ අවස්ථා දෙකකදී ඇඳුම් දෙකකින්  පෙනී සිටි ආකාරය වීඩියෝවක් හා ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්