Bottled-liquid-B-Urine-blood-sample-of-fisherman-who-survived-at-sea-to-taster

මත්පැන් බව සිතා මහ මුහුදේ පා වූ බෝත­ල­යක තිබූ යම් දියර වර්ග­යක් පානය කිරී­මෙන් ජීවි­ත­ක්ෂ­යට පත් ධීව­ර­යාගේ මර­ණ­යට හේතුව සහ ඔහු විසින් පානය කර ඇති දියර වර්ගය හඳු­නා­ගැ­නී­මට සිරුරේ කොටස් රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කර­මින් මර­ණය සම්බ­න්ධ­යෙන් විවෘත තීන්දු­වක් දීමට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කළ හම්බ­න්තොට මහ රෝහලේ අධි­ක­රණ විශේ­ෂඥ වෛද්‍ය දිල්හානී අම­ර­සිංහ මහ­ත්මිය පිය­වර ගත්තාය.



ඉකුත් 4 දා තංගල්ල ධීවර වරා­යෙන් පිටත්ව ගිය ඩෙවෝන් 5 බහු­දින ධීවර වරායේ සිටි ධීව­රයෝ පස් දෙනෙක් මේ දියර වර්ගය පානය කර ජීවි­ත­ක්ෂ­යට පත් වූහ. මෙතෙක් ගොඩ­බි­මට රැගෙ­නැ­විත් තිබුණේ ඔවු­න්ගෙන් ඒ එක් අය­කුගේ සිරු­රක් පමණි. ඒ සිංග­ප්පූරු වක් මඟින් බේරා­ගනු ලැබූ පුද්ග­ල­යන් දෙදෙනා අතු­රින් පසුව නෞකා­වේදී මිය ගිය පුද්ග­ල­යා­ගේය. ඔහුගේ සිරුර ගොඩ­බි­මට රැගෙ­න­විත් තිබුණේ නාවික හමු­දාව විසිනි. ඒ දිවි­බේ­රා­ගත් පුද්ග­ල­යාද සම­ඟිනි. සෙසු සිරුරු ඉදිරි දින කිහි­පය තුළ ගොඩ­බි­මට රැගෙන ඒමට නිය­මි­තය. මෙසේ විවෘත තීන්දු­වක් දී තිබුණේ තංගල්ල දංකැ­ටියේ පදිංචි ජී.එම්. අජිත් කුමාර (56) යන අයගේ සිරුර සම්බ­න්ධ­යෙනි. මිය­ගිය අයගේ ශරී­රයේ කොටස්, අමා­ශයේ ඇති දියර, රුධි­රය, රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යවා වාර්තා­වක් ගැනී­මෙන් අන­තු­රුව මර­ණ­යට හේතුව ප්‍රකාශ කරන බව

අධි­ක­රණ වෛද්‍ය විශේ­ෂ­ඥ­ව­රිය සඳ­හන් කර ඇත. අව­සන් කට­යුතු කිරීම සඳහා මළ සිරුර පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් පසු ඥාතීන්ට භාර දී තිබේ.

සිද්ධී­යෙන් දිවි බේරා­ගෙන සිටින එකම පුද්ග­ලයා මේ වන විට හම්බ­න්තොට රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින අතර, අම්බ­ල­න්තොට හතර ඇළ පදිංචි පී.ජී. සුමිත් කුමාර නමැති ඔහු­ගෙන් ප්‍රකා­ශ­යක් ගැනීම හා ඔහු පරීක්ෂා කිරීම හම්බ­න්තොට මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ටී.සී.සී. පෙරේරා මහතා විසින් සිදු කරනු ලැබීය. මේ අතර ඔහුගේ මූත්‍ර හා රුධිර නියැ­දි­යක් ගෙන ඒවාද පරී­ක්ෂණ සඳහා රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යැවී­මට පිය­වර ගෙන ඇත. මුහුදේ පා වෙමින් තිබූ බෝත­ල­යක් ගෙන එහි අඩංගු දියර බෝට්ටුවේ ගමන් ගත් හය දෙනාම පානය කළ බවත්, තමාද ටිකක් බිවූ බවත් ටික වේලා­වක් යන විට ක්ලාන්තය වැනි වෙන­ස්කම් ඇති වූ බවත් ඔහු අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත ප්‍රකාශ කර තිබේ.
(ලුණම - සනත් ගමගේ)