Iran-vows-to-avenge-killing-of-Hamas-political-leader-Haniyeh

බදාදා අලුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තම දේශපාලන නායක ඉස්මයිල් හනියේ මිය ගිය බව හමාස් සංවිධානය පවසන ලදි.
ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව,

හනියේ ප්‍රාදේශීය වේලාවෙන් 02:00 ට පමණ ටෙහෙරානයේ යුද ප්‍රවීණයන් සඳහා වූ ගොඩනැගිල්ලක සිටියදී ඊට ගුවන් ප්‍රහාරයක් එල්ල විය.
    වගකිව යුත්තේ ඊශ්‍රායලය බවට ඉරානය දොස් පවරා ඇති නමුත් තවමත් එම චෝදනාවලට ප්‍රතිචාර දක්වා නැත. හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාර වලින් පසු හමාස් නායකයින් තුරන් කිරීමට ඊශ්‍රායලය කලින් ප්‍රතිඥා දී ඇත.



ඉරානයේ ජනාධිපති - හමාස් සංවිධානයේ වැදගත්ම ආධාරකරු ලෙස සලකන ඉස්මයිල් හනියේ ඝාතනය සමග කිපී ඇති අතර     සිදුවීම ගැන ඉරානය පළිගන්නා බවට දිවුරුම් දී තිබේ.
තවදුරටත් උත්සන්න වීමේ බිය මධ්‍යයේ මැද පෙරදිග පුරා ප්‍රහාර සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඉදිරි දිනවල ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
සටන් විරාම සාකච්ඡා පැවතෙමින් පැවති වකවානුවේ මෙය සිදුවූ නිසා ඒවා කඩාකප්පල් වී ඇති බවට කනස්සල්ලක් පවතී.
වාර්තාවන ආකාරයට හනියේ ඝාතනය කරන්නේ ලෙබනනයේ හිස්බුල්ලා මිලිටරි සංවිධාන නායකයෙකු ඝාතනයෙන් පැය කිහිපයකට පසුව වීම නිසා එකට එක කිරීමක් ලෙසද සලකා ඇත.



     ඝාතනයට පළිගන්නා බවට ඉරානය සපථ කර ඇති බව ඉරාන මාධ්‍ය පවසයි. හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරානයේ දී එක රැයකින් ගුවන් ප්‍රහාරයකින් මරාදැමීම ගැන කම්පාවට පත්ව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ ප්‍රකාශක පැවසුවේ ඊශ්‍රායලයට එරෙහිව "දරුණු දඬුවම්" ඇතිවිය හැකි බවයි.