Joe-Biden-Drops-Out-of-Presidential-Race---Nominates-Kamala-Harris

ලබන නොවැම්බරයේ පවත්වන ඇමරිකාවේ ඊළඟ ජනපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස දෙවන වරටත් ඉදිරිපත්වන්නට අපේක්ෂාවෙන් සිටි ජෝ බයිඩෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි බලපෑම් හමුවේ තමන් මීළඟ ජනාධිපති වීමේ තරඟයෙන් ඉවත් වන බව ඉරිදා නිවේදනය කළේය.
මෙම තීරණය ලබාගත්තේ පසුගිය සතියේ කොවිඩ් ආසාදිත බව දක්වා විවේක ගැන්වූ ඔහු සඳුදා සිට ජනපති ප්‍රචාරණය අරඹන බවට පුවත් පළව තිබියදී වීම විශේෂිතය.
    ඔහුගේ තීරණය "මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වන" බව ඔහු පවසයි. කෙසේ නමුත් ඔහුගේ ධුර කාලය ඉදිරි මාස හය සඳහා බල පවතිනු ඇත.
රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස හිටපු ජනපති ට්‍රම්ප් නම් කර තිබෙන අතර මේ දක්වා  ඩිමොක්‍රටික් පක්ෂය නිල වශයෙන් බයිඩන්ට අපේක්ෂකත්වය පිරිනමා තිබුනේ නැත. 

මේ අතර නව ඩිමොක්‍රටික් අපේක්ෂකයා වීමට වත්මන් උප ජනපති කමලා හැරිස් තමා අනුමත කරන බව බයිඩෙන් සිය නිවේදනය සමග දන්වා තිබේ. එම යෝජනාව ස්ථිරවන්නේද නැතිද යන්න ඉදිරි දිනවලදී තීරණය වනු ඇති අතර දැනටමත් මිෂෙල් ඔබාමාගේ නමද කරලියට ආ පසුබිමක ට්‍රම්ප්ට තරගයක් දෙන්නට වඩාත් සුදුසු කෙනා එම පක්ෂය තෝරනු ඇත.
ව්‍යවස්ථානුකූලව ඇමරිකානුවන් නොවැම්බර් 5 වැනිදා ජනපති තේරීමේ ඡන්ද විමසීමට යා යුතුය.
    81 හැවිරිදි බයිඩෙන්, ජුනි මාසයේදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවති විවාදාත්මක කාර්ය සාධනයෙන් පසු විශාල විවේචනයකට ලක්වූයේ පළ කළ අදහස් නොගැළපීම හා ඔහුගේ වයස සමග පවතින මන්දගාමී ස්වරූපය නිසාය.
මේ අතර බයිඩෙන් ඉවත්වන නිවේදනයට ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇති ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ ජාලය ඔස්සේ පවසන්නේ,

 "වංචනික ජෝ බයිඩන් ජනාධිපති ධුරයට තරඟ කිරීමට සුදුසු නැත, සහ නිසැකවම සේවය කිරීමට සුදුසු නැත.

ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ බොරු, ව්‍යාජ ප්‍රවෘත්ති වලින් ය. ඔහුගේ වෛද්‍යවරයා සහ මාධ්‍ය ඇතුළුව ඔහු වටා සිටි සියලුම දෙනා ඔහුට ජනාධිපති වීමට හැකියාවක් නොමැති බව දැන සිටි අතර ඔහුගේ ජනාධිපතිකම නිසා අපි බොහෝ දුක් විඳිමු, නමුත් අපි ඔහු විසින් සිදු කර ඇති හානිය ඉතා ඉක්මනින් විසඳන්නෙමු"


ජෝ බයිඩෙන් ඉවත්වෙමින් කළ නිවේදනය මෙසේය.

"මගේ සහෝදර ඇමරිකානුවනි, පසුගිය වසර තුන හමාරක කාලය තුළ අපි ජාතියක් ලෙස විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. අද ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකය ඇමරිකාව සතුයි. අපේ ජාතිය යළි ගොඩනැගීමට,  අපි ඓතිහාසික ආයෝජන සිදු කර තිබෙනවා. ඇමරිකානු ජනතාවනි, ඔබ නොමැතිව මේ කිසිවක් කළ නොහැකි බව මම දනිමි. අපි එක්ව සියවසකට වරක් ඇති වූ වසංගතයක් සහ මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදය ජය ගත්තෙමු. අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ආරක්ෂා කර ඇත්තෙමු.


ඔබේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලොකුම ගෞරවයයි. නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති අතර, මා ඉල්ලා අස්වීම මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි. මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස මගේ යුතුකම් ඉටු කිරීමට පමණක් අවධානය යොමු කරා.
මගේ තීරණය ගැන මම මේ සතිය අගදී ජාතිය අමතා විස්තරාත්මකව කතා කරන්නම්.දැනට, මාව නැවත තේරී පත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ සියලුම දෙනාට මගේ බලවත් කෘතඥතාව පළ කරමි.
මෙම සියලු කටයුතුවල අසාමාන්‍ය හවුල්කරුවෙකු වීම ගැන උප ජනාධිපති කමලා හැරිස්ට ස්තූති කිරීමට මට අවශ්‍යයි. "