ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) නියම කළේය.
එහිදී අධිකරණය කෝප ගන්වමින් පෙත්සම්කරු තර්ක කළේ මෙසේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා -
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්ද එහි ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට දක්වා ඇත්තේ මොනවාද?
පෙත්සම්කරු - එහි හත්වන පිටුවේ දැක්වෙනවා ජනමත විචාරණයකට ලක් කළ යුතු කරුණු. 2002දී ප්‍රකාශිත නඩු තීන්දුව සමඟ එක්ව කියවිය යුතුයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් එය තුනෙන් දෙකක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යොමු කළ යුතුයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා 2015දී නඩු තීන්දුව ගැන තමන්ට පැහැදිලි වැටහීමක් තියෙනවද? 2002 නඩු තීන්දුව කුමක්ද?
පෙත්සම්කරු - 2002දී විධායකය සතු බලතල අඩු කිරීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා 2015දී ආණ්ඩු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන් තීන්දුව කුමක්ද?
පෙත්සම්කරු - තුනෙන් දෙකක ඡන්දයට අමතරව ජනමත විචාරණයකට යොමු කර සම්මත කළ යුතු බවට එම තීන්දුවේදී කරුණු දහසයක් සම්බන්ධයෙන් දක්වා තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - එය කියවන්න.
එම නඩු තීන්දුවේ අදාළ කොටස අධිකරණය හමුවේ කියවීමෙන් පසුව පෙත්සම්කරු සඳහන් කළේ එය 2002 වසරේදී 70 (1) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට දෙන ලද නඩු තීන්දුව සමඟ කියවිය යුතු බවට පෙත්සම්කරු එහිදී සඳහන් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා-තමුන් නීතිඥවරයෙක්, නිකම් පෙත්සම්කරුවෙක් නෙමෙයි. නීතිඥවරයකුගේ කාර්යභාරය තමන් දන්නවද?
පෙත්සම්කරු - එසේමයි උතුමාණෙනි.
විනිසුරු අර්ජුන ඔබේසේකර - කරුණාකර අදාළ නඩු තීන්දුවේ නියමිත කොටස කියවන්න.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා- 2015 දී අධිකරණය විසින් ලබාදෙන තීන්දුවේ සඳහන් වන්නේ මොන මොන වගන්ති ජනමත විචාරණයකට යොමු කර සම්මත කළ යුතු බවද.?
පෙත්සම්කරු- එය 2002 නඩු තීන්දුව සමඟ කියවිය යුතුයි.
අගවිනිසුරුවරයා- මේ කරුණ සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නැතිකම වෙනම ප්‍රශ්නයක්. නීතිඥවරයකු ලෙස තමන් කතා කරන්නේ කුමක් කාරණා ද යන්න තේරුම් ගෙන තිබිය යුතුයි. ජනමත විචාරණයක් ඉල්ලා ඇත්තේ කුමන වගන්තින් සම්මත කිරීම සඳහාද?
පෙත්සම්කරු - වගන්ති 16ක් දක්වා තිබෙනවා.
අගවිනිසුරුවරයා - 2015 වසරේදී 19 වැනි ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ නෑ කියලා. තමුන් පිළිගන්නවාද?
පෙත්සම්කරු - එය අදාළ නඩු තීන්දුව සමඟම කියවිය යුතුයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - 2015දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බලාත්මක තීන්දුව වන්නේ. ඔබ කියන්නේ එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි බවද?
පෙත්සම්කරු - නෑ නෑ උතුමාණනි. එම තීන්දුව නිවැරදියි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - තමුන්ට නීතිඥවරයෙක් ලෙස කටයුතු කිරීමට දැනුමක් තිබේද යන්න පිළිබඳව ගැටලුවක් තිබෙනවා. 2002 වසරේ නඩු තීන්දුවක් මේකට අදාළ කරගන්න බෑ. 2015 දී 19 වැනි ආණ්ඩුක්රමය ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව තමයි දැනට ක්‍රියාත්මකයි. ඔබ ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් තිබිය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙසද?
පෙත්සම්කරු - එසේයි. ස්වාමීනී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගේ වැටහීම හැටියට තවමත් සම්මත නොවූ පනත් කෙටුම්පතක්. එය සම්මත වීමට නම් ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කොහෙද තියෙන්නේ අසූතුන තුන වගන්තිය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව?.
පෙත්සම්කරු - 2002 නඩු තීන්දුවේ සඳහන් වෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - 2002 නඩු තීන්දුවක් මීට අදාළ කරගන්න
තමුන් ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක් පවත්වනකම් ජනාධිපතිවරණය පවත්වන්න එපා කියලද?
පෙත්සම්කරු - 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න පාර්ලිමේන්තු මහලේකම්ට ජනමත විචාරණයක් තියන්න කියලා නියෝග කරන්න තමයි ඉල්ලන්නේ.
විනිසුරු ජයන්ත ජයසූරිය මහතා - තමන් ඇයි එහෙම ඉල්ලීමක් කරන්නේ?
පෙත්සම්කරු - ශ්‍රේෂ්ඨාධිකරණය
ජනමත විචාරණයකට නියම කර ඇති නිසා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - ශ්‍රේෂ්ඨාධිකරණය කිසිම අවස්ථාවක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 80 (2) වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැති විය යුතු බවට ප්‍රකාශ කර නෑ.
පෙත්සම්කරු - එය 2002දී සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සඳහන් කර තියෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා -19 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක තීන්දුවක් නෑ. එය විභාග කළේ විනිසුරුවරුන් තිදෙනෙක්. 2002 නඩුවක් මෙතැනට අදාළ කරගන්න බෑ.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වෙන්නේ 2015දී දුන්නට අඩු තීන්දුව පමණයි.
පෙත්සම්කරු -19 වන ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නෑ. ජනාධිපතිතුමා විසින් අත්සන් කර සහතික කර නෑ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - ජනාධිපතිවරයා විසින් අත්සන් තබා
සහතික කළ යුතු ඇයි?
පෙත්සම්කරු - මගේ වැටහීම අනුව 70(1) වගන්තිය ජනාධිපතිවරණ ජනමත විචාරණයකින් සම්මත කළ යුතුයි. එසේ කර නැහැ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා - මගේ වැටහීම අනුව කියලා පෞද්ගලිකව තියෙන දැනුම අනුව අධිකරණය හමුවේ කරුණු කියන්න බෑ. එය අධිකරණයේ කාලය නාස්ති කිරීමක්.
මේ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට අධිකරණය කල් තබනවා.
අනතුරුව පැයක පමණ කාලයකින් පසුව පැමිණි විනිසුරු මඬුල්ල සඳහන් කළේ මේ පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සහ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ කරුණු අධිකරණය විසින් දැඩි සැලකිල්ලට ලක් කළ බවය.
ඒ අනුව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් 2015 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුව සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ලේ අවධානය යොමු කළ බව අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය.
එහි සඳහන් වන පරිදි ආණ්ඩුක්‍රම අවස්ථාවේ අසූ දෙක එක වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි අතර තවත් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට දක්වා ඇති බව ඒ මහතා සඳහන් කළේය.
එහෙත් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ වගන්තිය පිළිබඳව එවැනි සඳහනක් නැති බවද අගවිනිසුරුවරයා සඳහන් කළේය.
පෙත්සම්කරුට මේ පිළිබඳව නඩු විභාගය අතරතුරදී දිගින් දිගටම පැහැදිලි කරදීමට උත්සාහ කළද ඔහු දිගින් දිගටම කරුණු දැක්වූ බවද අගවිනිසුරුවරයා සඳහන් කළේය.
එමඟින් පෙත්සම්කරු අධිකරණය අවභාවිත කිරීමට උත්සාහ කළ බවට තීරණය කරන බව අගවිනිසුරුවරයා සඳහන් කළේය. අදාළ වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැතිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇත්තේ කුමන ස්ථානයක ද යන්න පෙත්සම්කරුගෙන් හතරවරක්ම විමසා සිටියත් නිසි පිළිතුරක් දීමට ඔහු අපොහොසත් වූ බව අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් අග විනිසුරුවරයා සඳහන් කළේය. පෙත්සම්කරුගේ තර්කය පිළිගෙන විභාගයට ගැනීමට තරම් පිළිගත හැකි නීතිමය කරුණක් නොමැති බවටද අගවිනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවක් ගෙවන ලෙස පෙත්සම්කරුට නියම කරන බවද එම දඩමුදල එම නඩු ගාස්තුව ජූලි මස 31 වැනිදා ගෙවීමට කටයුතු කළයුතු බවටද නියම කරන ලදි. ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ඉදිරිපත් කළ මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර සිටියහ.
අදාළ පෙත්සම ගොනු කිරීම මගින් පෙත්සම්කරු නීතිඥවරයකුට නුසුදුසු
ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කර ඇති අතර අධිකරණය නොමඟ යැවීමට
සහ අධිකරණය අවභාවිත කිරීමට උත්සාහ කළ බවට තීන්දු කරමින් අදාළ පෙත්සම
ඉවත දමන ලදි.
අදාළ නඩු ගාස්තුව මේ මස 31 වැනිදාට පෙර ගෙවන ලෙස නීතිඥවරයාට නියම කෙරිණ.
අගවිනිසුරු
ජයන්ත ජයසූරිය මහතා සහ අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු
මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ
පෙත්සම කැඳවන ලදි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය පෙත්සම
පවත්වාගෙන යාමට ඇති නොහැකියාව දක්වමින් පෙත්සමට එරෙහිව මූලික
විරෝධතා ඉදිරිපත් කළාය.
ඇය පෙන්වා දුන්නේ පෙත්සම්කරු
අභියෝගයට ලක් කරන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විටත් නිසි ලෙස
පාර්ලිමේන්තුවේ සම්මත වී නීතියක් බවට පත්වී ඇති බවය. එවැනි නීතියක්
බවට පත්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කිරීමට
ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට ඇය මූලික විරෝධතාවක්
ඉදිරිපත් කළාය.
එසේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත
විචාරණයකින් සම්මත කරගත යුතු බවට පවසන පෙත්සම්කරු එසේ නොකිරීම
මඟින් විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිය මූලික අයිතිවාසිකම්
උල්ලංඝනය වන්නේ කවරාකාරයකින්ද යන්න පෙන්වාදීමට අපොහොසත් වී ඇති
බවට ඇය කරුණු ඉදිරිපත් කළාය.
0 Comments