Sarath-Fonseka-says-that-he-will-contest-the-presidential-election

හිටපු යුදහමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන් ජනපති තරගයට ඉදිරිපත්වන බව අද සිය ට්විටර් (එක්ස්) ගිනුමෙන් ප්‍රකාශ කර තිබේ. උදෑසන 2 කට පමණ පළ කර තිබූ සටහන මගින් "අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක්" රට බංකොලොත් කළ බවට චෝදනා නගා ඇති අතර 2024 ජනපතිවරණයට ඉදිරිපත්වන බව නිල වශයෙන් දන්වන බවද කියා තිබුණි.
පසුගියදා සජබෙ දේශපාලනයෙන් පිට පැන සිටි සරත් ෆොන්සේකා එජාපය හා එක්වන බවට ඉඟි පළවූයේ ඔහුගේ ග්‍රන්ථ දොරට වැඩුමට ජනපති රනිල් එක්කරගැනීමත් සමගිනි.
කෙසේ වෙතත් ඉන් පසු සතියේ ජනපති රනිල් කළුතර පොහොට්ටු රැස්වීමට එක්වීම සමග රාජපක්ෂ විරෝධී සරත් ෆොන්සේකාගේ තීරණ වෙනස්ව ගිය බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.


ෆොන්සේකා මහතා 2010 ජනපති සටනේ පොදු අපේක්ෂකයාවූ අතර මෙවර ඔහු ඉදිරිපත්වන්නේ කවර පක්ෂයකින්ද යන්න නිවේදනයේ සඳහන් නොවේ.
නිවේදනය පහතින්
"මගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි. වසර 76ක් තිස්සේ අපව බංකොලොත් භාවයට ඇද දැමූ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවීය. ශ්‍රී ලංකාව සංවර්ධනය වීමට නම් දූෂණය මර්දනය කළ යුතුය. 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙය මගේ විධිමත් සහ නිල නිවේදනයයි.
ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් හා එක්වන ලෙස ම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරමි.