Six-tourists-die-in-a-Thai-Grand-Hyatt-hotel-room

තායිලන්තයේ බැංකොක් නුවර ප්‍රකට තරු පන්තියේ හෝටලයක් වන  Grand Hyatt Erawan හෝටලයේ කාමරයේ තිබී විදෙස් ජාතිකයින් 6 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.
මේ අය කාමරයට ගෙන්වා ආහාර ලබාගත් ආකාරයක් හඳුනාගන්නට ලැබෙන අතර එහි තිබූ තේ කෝප්ප සියල්ලේ අධික ලෙස සයනයිඩ් විෂ අඩංගුවී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වේ.
මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කරගන්නට සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් සමූහයක් ලෙස හෝටල් කාමරයේ නවාතැන්ගෙන සිටි අය අතරින් එක් කාන්තාවක පිරිසට වස දී ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මියගිය සය දෙනාම වියට්නාමයේ සිට පැමිණි අය බවත් ඒ අතරින් දෙන්නෙකුට ඇමරිකානු-වියට්නාම ද්විත්ව පුරවැසිභාවය හිමි අය බවත් වාර්තාවේ.
තායිලන්ත පොලිසිය සැක කරන්නේ මෙම පිරිසට සයනයිඩ් ලබා දුන්නේ 56 හැවිරිදි ෂෙරීන් චොන්ග් නමැති කාන්තාව බවයි. ඇගේ මළ සිරුරද කාමරයේ තිබී හමුවී ඇත.


පරීක්ෂණ අනුව මුලින් සැකකළේ පිරිස එක්ව දිවිනසාගෙන ඇති බවයි.නමුත් අපරාධ පරීක්ෂණ විශේෂඥයින් ඒ අදහස බැහැර කර ඇත්තේ සාක්ෂි කිහිපයක් පදනම් කරගෙනයි.මිය ගිය අයගෙන් කිහිපදෙනෙක් තායි සංචාරයේදී මගපෙන්වන්නන් සහ රියදුරන් සඳහා කැටුව යාමට උපදෙස් ලබා දී තිබූ බැවින් සමූහ සියදිවි නසාගැනීමක් සිදු නොවිය හැකි යැයි සැලකේ.
හය දෙනාගේම මරණයට හේතුව විෂ ශරීරගත වීම බව තහවුරු වී තිබේ.ඔවුනගේ වයස අවුරුදු 37 සිට 56 දක්වා විය.
අපරාධය තුළ “පෞද්ගලික” ස්වභාවයක් ඇති බවත් මියගිය හය දෙනාගෙන් එක් අයකු වූ ෂෙරීන්ට මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල මැද ඇය මාරාන්තික රසායනිකය තේ මිශ්‍ර කර ඇති බවට සැක කෙරේ.බාට් මිලියන ගණනක ණය සම්බන්ධ ගැටලුවක ඇය සිරවී සිටි බව කියැවේ.
මෙම පිරිස  ජපානයේ රෝහලක් ඉදිකිරීමට ආයෝජනයක් කර ඇති අතර මුදල් ගැටලු පැනනැග ඇත්තේ ඒ සම්බන්ධයෙනි.
“අපි තේ කෝප්පවල සයනයිඩ් සොයාගත්තා, කෝප්ප හයම සයනයිඩ් සොයාගත්තා,” තායි පොලිස් අධිකරණ වෛද්‍ය අංශයේ අණදෙන නිලධාරී ට්‍රිරොං පිව්පන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මළ සිරුරු එකම ස්ථානයකට ගොනු කර නොතිබූ බවද සටහන් වේ. ඇතැමෙක් නිදන කාමරයේද, ඇතැමෙක් සාලයේද සිටි බව කියැවේ.



 අධිකරණ වෛද්‍ය  Kornkiat Vongpaisarnsin ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ CAT ස්කෑන් පරීක්ෂණයකින් මියගිය පුද්ගලයින්ට තුවාලයක කිසිදු සලකුනක් නොමැති බවත්, ඔවුන් වස පානය කර ඇති බවට උපකල්පනය කරන බවත්ය.
ඝාතන සැකකාර 56 හැවිරිදි Chong Sherine ඇමරිකානු-වියට්නාම ද්විත්ව පුරවැසියෙකු වන අතර සහ 55 හැවිරිදි Dang Hung Van ද එවැන්නෙකි. වියට්නාම ජාතිකයන් තවත් හතර දෙනෙක් සිටි අතර විදෙස් වාර්තා පවසන්නේ ඒ අය Nguyen Thi 47 ,Phuong Lan, 49, Tran Dinh Phu, Nguyen Thi 37  සහ  Phuong Khaosod 46 බවයි.

සඳුදා දහවල් කාමරයට කෑම ගෙනැවිත් දෙන විට හය දෙනා අවසන් වරට ජීවතුන් අතර සිටිනු දැක තිබේ. එක් කාන්තාවක් ආහාර ලබා ගන්නා ආකාරය කාර්ය මණ්ඩලය දුටු අතර, ඉතිරි අය ටික වේලාවකට පසු එකින් එක එැතිනට පැමිණෙන බව ආරක්ෂක දර්ශනවල දැක්වේ. වෙනත් අමුත්තන් සිටියේ නැත, කිසිවෙකු පිටව යන බවක් පෙනෙන්නට නැත, දොර අගුළු දමා ඇත. අඟහරුවාදා දහවල් ඔවුන් කාමරයෙන් පිටවීමට අසමත් වූ විට සේවිකාවක් ඔවුන්ව සොයා බැලීමේදී මරණ සොයා ගැනිණ.

බැංකොක් පොලිස් ප්‍රධානී ලුතිනන් ජෙනරාල් තිටි සංග්සවාං අඟහරුවාදා පැවසුවේ මළ සිරුරු හතරක් විසිත්ත කාමරයේ සහ දෙකක් නිදන කාමරයේ තිබූ බවයි.

ඔවුන්ගෙන් දෙදෙනෙක් දොර වෙත ළඟා වීමට උත්සාහ කළ නමුත් ඔවුන්ට හැකි වීමට පෙර කඩා වැටුණු බව ඔහු පැවසීය.

මියගිය අයගේ ඥාතීන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවලින් හෙළි වූයේ ආයෝජනයක් සම්බන්ධයෙන් ණයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී ඇති බව ය.

මියගිය අය අතර ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් සිටී. ඔවුන් දෙදෙනෙකු සමඟ මුදල් ආයෝජනය කර ඇත. මෙම ආයෝජනය ජපානයේ රෝහලක් ඉදිකිරීමට අදහස් කර ඇති අතර එය සමථයකට පත් කිරීමට කණ්ඩායම රැස්ව සිටින්නට ඇත.
 හය දෙනාගෙන් එක් අයෙකුගේ සහෝදරයෙකු  ජූලි 10 වන දින තායිලන්තයෙන් පිටව ගිය  බව සොයාගෙන ඇති අතර එම හත්වන පුද්ගලයා මෙම මරණවලට සම්බන්ධයක් නොමැති බව පොලිසිය විශ්වාස කරයි.
බැංකොක් නියෝජ්‍ය පොලිස් ප්‍රධානී Noppasin Punsawat පැවසුවේ මෙම අවනඩුව පුද්ගලික එකක් ලෙස පෙනෙන බැවින් සංචාරකයින්ගේ ආරක්ෂාවට බලපෑමක් නොවන බව කීය.