The-next-attempt-also-fails-the-petition-against-the-presidential-election-is-dismissed

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


එම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළ බව වාර්තා විය.  නීතිඥ අරුණ ලක්සිරි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙලෙස ප්‍රතික්ෂේප විය.
එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි.
අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වීමට යොමු කර තිබුණි.