Vasantha-Marune-was-in-debt-to-four-hands---Kanjipani-fled-the-country-lawyers-dependent-on-drug-money

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ විමර්ශන ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (18) අනාවරණයක් කළේය. එහිදී මාධ්‍ය විමසූ ප්‍රශ්න වලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ක්ලබ් වසන්ත හා මදුෂ් අතර ගනුදෙනු ගැන ආරංචිය මොකක්ද?

දැන් අපිට හරි තොරතුරක් නෑ මදුෂ්ගේ සල්ලි එයා ලඟ තිබුන කියල.
කිසිම එහෙම අපේ ඉන්වෙස්ටිගේෂන් එකක් නෑ.
එතකොට අපි හොඳටම දන්නවා ද? එහෙම තොරතුරක් හින්ද නෙමෙයි එයා ඩුබායිවලදී අහුවුනේ කියල නෑනෙ.



මෙහෙමයි අපිට මේ ඉන්වෙස්ටිගේෂන් එකේ එහෙම තොරතුරක් ලැබුණොත්.
කාගේ හරි මුදල් තියෙනවා කියලා අපි අනිවාර්යයෙන් ඒ අය කවුරුත් අත්අඩංගුවට ගන්නවා.
ඔය වගේ දේවල් දේශපාලන මත හින්දා ඇති කරපුවා.
ඒ වගේ ඇතිකරලා තියෙනවා දේශපාලඥයන්ගේ නමුත් කියනවා. හැබැයි මම පොරොන්දු වෙනවා.
මොන දේශපාලඥයා වුනත් මෙවැනි දේකට සම්බන්ධ නම් අපි අනිවාර්යෙන් අල්ල ගන්නවා.
අපිට හැබැයි හරි තොරතුරු තියෙන්න ඕනේ. මේ යූටියුබ් වල කියපු ඒවා නෙමේ.
ඉතින් එහෙම මදුෂ්ගේ සල්ලි කා ළඟවත් තියෙනවා කියලා. අපිට අද වෙනකන් එහෙම තොරතුරක් නෑ.

ක්ලබ් වසන්ත ගැන එක එක ඒවා කිව්වට අපි සීයයට සියයක් දන්නැහැ. ඒත් දන්න තරමින් එයා මේ ක්ලබ්ස් කෙරුවා දිගටම. ඒ වෙලාවෙ සල්ලි තිබුණා.හැබැයි දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවෙ රට වටේ ණය වෙලා අතේ සතේ නැතිව හිටිපු කෙනෙක් තියල තමයි එලි වෙලා තියෙන්නෙ.




බුද්ධි අංශ වාර්තාවලට අනුව මේ කංජිපානි ඉම්රාන් නැමැත්තා කොහෙද ඉන්නෙ?

අපිට කංජිපානි ඉන්නෙ කොහෙද කියල දැනගන්න ලැබිලා තිබුණත් අපි මේ අවස්ථාවේ අපි කියන්න යන්නෙ නැහැ. නමුත් මං කියන්නද මේ සිද්ධියට පස්සේ පාතාලෙ අල්ලන්න පුලුවන් කියල මේ වගේ හුඟාක් අය මතු වුණා. හතු පිපෙනවා වගේ මතු වුණා.
මට මේක කරන්න පුළුවන් මට අරක කරන්න පුළුවන්. මං මේක දන්නවා මං අරක දන්නවා. ඉතින් ඕවගෙ පිස්සො කියන ඒවා පස්සේ අපි ගියොත් එහෙම අපිත් පිස්සු හැදිලා නවතිනවා ඇරෙන්න අපේ ඉන්වෙස්ටිගේෂන් හරියට කරන්න හම්බුවෙන්නෙ නෑ.
ඉතින් ඔය යූටියුබ් යන ඒවා අපිත් නිකං අර නිකං ඉන්න වෙලාවට මහන්සි වෙලාවට නිකං අර සිංහලෙන් කියන විදිහට ජොලියට බලනවා ඇරෙන්න සීරියස්ලි ගන්නෑ.
දැන් ඔය කතා ඔක්කොම මේ වෙඩි තැබීමට පස්සෙනෙ.
ඉතින් සමහර යූ ටියුබ් අය හරියට කරනවා. නමුත් සමහර අය ඒවයිනුත් සල්ලි හම්බ කරන්න බොරු දදා බොරු දදා අපේ මිනිස්සු ඒ බොරු බලනවා බොරු බලන්ඩ බලන්ඩ ඒගොල්ලන්ට සල්ලි ලැබෙනවා. ඉතින් ඕකනේ ඇත්ත කතාව.



මම අද සහතික වෙනවා. ඔය කියන අයට පුළුවන් නම් කංජිපානි අරගෙන එන්න.කිසිම ප්රශ්නයක් එයාට ඇති කරන්නෙ නැහැ අපෙන්. මොනවද අවශ්ය අපෙන් ඒක කරන්න. අපිට කියන්න අපි කංජිපානිව ගේන්ඩ ලෑස්තියි. ඔය බොරු කතා.

කොහොමද පිටරට පැන්නේ? දේශපාලන සපෝට් එකක් තිබ්බා ද?


පොලිටිෂියන්ස්ලා මං දන් නැහැ. කංජිපානි ඉම්රාන් ඒවගේම ගනේමුල්ලේ සංජීව ඒ දෙන්නා පැන්න හැටි ඒ දෙන්නගේ නීතිඥවරුන්ට තමයි හොඳටම කියන්න පුළුවන්.ඒ මොකෝ ඒ නීතිඥවරු තමයි ඒ ගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරන් ගිහිල්ල පැන්නුවේ.
දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තා. මේ ගොල්ලන්ගේ කතාව හොඳට කියනවා.
ඒගොල්ලන්ව කොහොමද බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද බාර දුන්නා. ඒ ගොල්ලන්ගෙ ගිහිල්ල බෝට්ටුවට දැම්මා. ඔක්කොම ලස්සනට කියනවා.
ඉතින් ඒකයි මං කියන්නේ. මේ කුඩු සල්ලි වලින් යැපෙන මේ නීතිඥවරු සෙට් එකක් ඉන්නවා.

ඒගොල්ලන් තමයි ඉතිං අවාසනාවට අපි ඔහොම කිව්වම සමහරවිට මේක ඔක්කොම නීතිඥ මහත්වරුන්ට වැදෙනවා. එම වෙන්ඩ ඕන නෑ එමොකො මේ රටේ ඉන්න නීතීඥ ප්‍රමාණයෙන් ඉතාම සුළුම සුළු පිරිසක් තමයි මේ දේ කරන්නේ.
අනිත් නීතිඥ මහත්වරු ඉන්නව කුඩු නඩුවක් ආවොත් බාර ගන් නැති.
නමුත් මේ සුළු පිරිසක් ඉන්නවා.ඒ ගොල්ලන් තමයි රටටම මේ බණ දෙසන ගමන් මේවා කරන්නෙ.

 අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගතයුතු බොහෝ දෙනා අරගෙන තියෙන්නෙ. මං හිතන්නෙ තව දෙන්නයි ගන්න තියෙන්නෙ.