anuradapura-incident

අනුරාධපුර හරිශ්චන්ද්‍ර උද්‍යාතයේ පැවති පුරවර උදානය පොසොන් සැණකෙලි භූමියේ සංගීත ප්‍රසංගයක නර්තනයේ යෙදී සිටි වයස අවුරුදු 11ක පමණ බාල වයස්කාර පාසල් දැරියක පැහැරගෙන යෑමට සිය 15 හැවිරිදි බාල වයස්කාර පාසල් ශිෂ්‍ය පෙම්වතාට ආධාර අනුබල දීමේ චෝදනාවට සහ එම 15 හැවිරිදි බාල වයස්කාර පාසල් ශිෂ්‍ය පෙම්වතාව අපයෝජනය කිරීමේ චෝදනාවට අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මීගොඩදී අත්අඩංගුවට ගෙන රැගෙන විත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ 21 හැවිරිදි කාන්තාවක මේ මස 15 දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු

නාලක සංජීව ප්යසූරිය මහතා නියෝග කළේය.


මීගොඩ උඩගේවත්ත පදිංචි 21 හැවිරිදි කාන්තාවක මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.මේ අතර මෙම සැකකාරිය අනියම් සැමියෙකු ලෙස ඇසුරු කරමින් සිටි 15 හැවිරිදි ඇගේ ශිෂ්‍ය පෙම්වතා සහ එම පෙම්වතා විසින් අනුරාධපුර පුරවර උදානය සැණකෙලි භූමියේදී පැහැර ගෙන ගිය බව කියන 11 හැවිරිදි දැරිය මේ මස 15වන දින දක්වා පරිවාස භාරයට පත් කරන ලෙසටද නියෝග කර්‍ම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔවුන් සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කළේය.


පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මහත්මියගේ උපදෙස් මත උපපොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රියදසර්ශනී කාරියවසම් මහත්මිය පෙනී සිටියාය.



මේ අතර අනුරාධපුර පුරවර උදානය පොසොත් සැණකෙලි භූමියේ සිටි 11 හැවිරිදි දැරියක් පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමවුපියන්ට විශේෂ දැනුම් දීමක් කරමින් අනුරාධපරු පොලිස් ළමා හා කාන්තා කාර්යශය පවසන්නේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ දැරියගේ දෙමවිපියන්ගේ නොසැළකිල්ල නිසා බවයි දැරිය පැහැරගෙන යෑමේ සිද්ධියට දැරියගේ දෙමව්පියන්ද වගකිව යුතු බවද පොලීසිය සඳහන් කරයි. දෙමවිපියන් සිය දරුවත් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවද අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශය දෙමව්පියන්ට දැනුම් දෙයි.

 උපාලි ආනන්ද