asiacup-woman-cricket-sri-lanka-finals

ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ. තරගාවලියේ අපරාජිතව සිටි ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය මැලේසියාව හා තායිලන්තය පරාජයට පත් කළ අතර අවසන් පූර්ව තරගයේදී පකිස්තානය පැරදවීය.
ඊයේ දඹුල්ලේ පැවති අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ පසු පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දී පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕවර 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරගයේ තියුණු ජයක් වාර්තා කරන ලදි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 48ක දී ලකුණු 63ක්  අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24 ක් රැස් කරන ලදි.
ඒ අනුව හෙට අවසන් තරගය ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල සමග දඹුල්ලේදී ශ්‍රී ලංකා පිල අවසන් තරගය වෙනුවෙන් තරග වදිනු ඇත. තරගය සවස 7ට ඇරඹේ.