australia-student-visa

ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.



අද (01) සිට ශ්‍රී ලංකා මුදලින් 146,000ක් වූ ශිෂ්‍ය වීසා ගාස්තුව මේ වන විට රුපියල් 3 25,000 දක්වා ඉහළ ගොස් තිබේ.

තාවකාලික වීසා බලපත්‍ර සංචාරකයින්, තාවකාලික උපාධිධාරීන් සහ කාර්ය මණ්ඩල වීසා භාවිතා කරන්නන්ට තවදුරටත් ශිෂ්‍ය වීසා බලපත්‍ර භාවිතා කළ නොහැකි බව ද නිවේදනය කර ඇත.



ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ වත්මන් වෙනස්කම් ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට සහ සංක්‍රමණය අඩු සහ යහපත් කිරීමට උපකාරී වනු ඇති බවයි.