balangoda-incident

තම බිරිය මිය­ගොස් ඇති බවට බළන්­ගොඩ නග­රය ආස­න්නයේ පදිංචි පුද්ග­ල­යෙකු විසින් බළන්ගොඩ නග­රයේ ඇති මල් ශාලා­ව­කට ගොස් බොරු­වට පවසා රුපි­යල් 40,000ක් වටිනා මිනී පෙට්ටි­ය­කට මුදල් ගෙවා මල් වඩ­මක්, ඇඳුම් සහ අනි­කුත් අව­මං­ගල භාණ්ඩද වෙන්ක­රවා⁣ගෙන මල් ශාලාවේ වෑන් රථ­ය­කින් නි‍ෙව­සට මිනී පෙට්ටිය ඇතුළු භාණ්ඩ පෙරේදා (25) සවස රැගෙන ගොස් ඇති අතර එහිදී 119 හදිසි ජාතික දුර­ක­තන පද්ධ­ති­යට ලද පැමි­ණි­ල්ලක් මත බළං­ගොඩ පොලි­සියේ නිල­ධා­රින් විසින් එම නි‍ෙව­සට ගොස් මිනී පෙට්ටිය නැවත මල්ශා­ල­වට භාර­දී­මට කට­යුතු කර තිබේ.



බිරිය රෝගා­තු­රව සිටි බවත් මර­ණය සම්බ­න්ධ­යෙන් සැක­යක් නොමැති බවට මරණ පරී­ක්ෂක ඇතුළු නිල­ධා­රින්ද පැවැසූ බවද මොහු විසින් මල්ශා­ලා­වට බොරු­වට පවසා තිබේ. එය විශ්වාස කළ මල් ශාලාවේ සේව­ක­යන් විසින් මිනී පෙට්ටිය ඇතුළු උප­ක­රණ මොහු සමඟ මොහුගේ නි‍ෙව­සට රැගෙන ගොස් මිනී පෙට්ටිය නි‍ෙවස ඇතු­ළට ගෙන තිබේ. නි‍ෙව­සට මිනී පෙට්ටි­යක් රැගෙන ඒමට හේතුව කුම­ක්දැයි දරු­වන් මොහු­ගෙන් විමසා තිබෙන අතර, එහිදී මොහු පවසා තිබෙන්නේ උඹ­ලගේ අම්මා මැරිලා. ඒක නිසා තමයි පෙට්ටි­යක් ගෙනාවේ බවයි.

මව මිය­ගොස් නැති බවත් මව මුළු­තැ­න්ගෙයි සිටින බව දරු­වන් පැව­සී­මත් සමඟ මල් ශාලාවේ සේව­ක­යින් මිනී පෙට්ටිය ආපසු රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර, ඒ අව­ස්ථා­ව­ලදී මොහු විසින් එම සේව­ක­යින්ට තර්ජන කර ඇත.

එහිදී මිනී පෙට්ටිය නි‍ෙවස තුළ දමා මල් ශාලාවේ පිරිස පිටව ගොස් ඇති අතර, වැඩි­ම­හල් දරුවා විසින් මේ සම්බ­න්ධ­යෙන් 119 හදිසි දුර­ක­තන අංක­යට දැනුම් දීමක් කර ඇත. ඊට අම­ත­රව මල් ශාලාවේ හිමි­ක­රුද මේ සම්බ­න්ධ­යෙන් බළන්­ගොඩ පොලි­සිය වෙත දැනුම් දීමක් කිරී­මට ගොස් තිබෙන අතර,

ඒ වන විටත් 119 හදිසි දුර­ක­තන අංක­යට දරුවා විසින් පැමි­ණි­ල්ලක් කර තිබේ.

පසුව බළන්­ගොඩ පොලි­සියේ නිල­ධා­රින් දෙදෙ­නකු එම නි‍ෙව­සට ගොස් මිනී පෙට්ටිය මල් ශාලාවේ සේව­ක­යින් වෙත ආපසු රැගෙන යෑමට භාර දී තිබේ. සැමියා විසින් මිනී පෙට්ටිය වෙනු­වෙන් මල් ශාලා­වට ගෙවූ රුපි­යල් 40000ක මුදල නැවත රැගෙන යෑම සඳහා මල් ශාලා­වට පැමි­ණෙන ලෙස බිරි­යට සහ සැමි­යාට දැනුම් දී තිබේ. මෙවැනි දෙයක් කිරී­මට මොහු මෙලෙස කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් මොහු කිසි­වක් ප්‍රකාශ නොක­රන බවද පොලි­සිය පව­සයි.
(බළන්ගොඩ - සම්­පත් ප්‍රිය­න­න්දන)