bandula-pitipana-bar

ලබන පෝයට පෙර හෝමාගම ප්‍රදේශයේ පිහිටි තැබෑරුමක් ඉවත් නොකළහොත් දැඩි තීරණයක් ගන්නා බව ත් තමන්ගේ ඇමති ධූරය අතාරින බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .

අමාත්‍ය ධූරවලට වඩා හෝමාගම ජනතාවගේ අභිමානය තමාට වටින්නේ යැයිද ඔහු පැවසීය.



අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ අභිනවයෙන් ආරම්භ කරන ලද මත්පැන් අලෙවිසැලට එරෙහිව පැවති සත්‍යග්‍රහ විරෝධතාවයට එක්වෙමිනි. පිටිපන යනු දැනුම කේන්ද්‍ර කරගත් ප්‍රදේශයක් බවත් මෙම තැනට බාර් අවශ්‍ය නැති බවත් ඔහු කීය.

හෝමාගම නගරයට ආසන්න ප්‍රදේශයේ සුරාසැල් ආරම්භ කිරීමට හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා අවස්ථාවක් ලබාදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.