Member-of-Parliament-R-Sampandan-passes-away

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ වනවිට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.දෙමළ ජාතික සන්ධානයේ නායකයා වූයේ ඔහුය.


 ඔහු වෘත්තීය නීතිඥවරයෙකි. දේශපාලකයෙක් ලෙස දෙමළ ජාතිකත්වය ඔප් නැන්වීම සඳහා ජීවිතය කැප කළ සම්පන්දන් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ වර්ෂ 1977 දී ය. ඔහු 77 සිට 83 තෙක් පාර්ලිමේන්තු වාරයේ මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුව හෙබවූයේ ය. එමෙන්ම 1997 සිට 2000 දක්වා ද,  ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයෙක් ලෙස සම්පන්දන් වර්ෂ 2001 සිට මිය යන මොහොත දක්වා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.


2015 වසරේ සිට 2018 වසර දක්වා ඒ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබු අතර
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ නිවාඩු අනුමත කර ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ මහතා සම්බන්ධ වූයේ නැත.