I-didnt-see-Caroline-Pushpikas-crown-falling-Chandimal-says-in-court

ශ්‍රී ලංකා විවා­හක රූ රැජණ පුෂ්පිකා ද සිල්වා මහ­ත්මි­යගේ හිස රැඳි කිරුළ ගලවා තුවාල කළැයි කියන සිද්ධිය තමා නොදුටු බව රූප­ලා­වන්‍ය ශිල්පි චන්දි­මාල් ජය­සිංහ මහතා කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදි­රියේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව පැමි­ණිල්ලේ දෙවැනි සාක්ෂිය ලෙස අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­මින් සාක්ෂි­කාර ජය­සිංහ මහතා එසේ ප්‍රකාශ කළේය.

එම සිදු­වීම වන අව­ස්ථා­වේදී තමන් එම ස්ථාන­යෙන් බැස ආරා­ධිත අමු­ත්තන් සමඟ පිටව ගිය බවත් පසුව එවැනි සිදු­වී­මක් වූ බව දැන­ගත් බවත් සාක්ෂි­කරු සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය. ඒ අනුව එම සාක්ෂිය අව­සන් කළ අධි­ක­ර­ණය පැමි­ණිල්ලේ තෙවැනි සාක්ෂි­කා­රිය වන ආශා බස්නා­යක යන අයට ලබන අගෝස්තු මස 05 වැනිදා අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර­මින් එදින තෙක් නඩුව කල් තැබීය.

ශ්‍රී ලංකා විවා­හක රූ රැජන තර­ග­යේදී සිදුවූ ආන්දෝ­ල­නා­ත්මක සිද්ධිය සම්බ­න්ධ­යෙන් 2019 ලෝක රූ රැජන කැරො­ල­යින් ජුලි සහ නිරූ­පන ශිල්පිණී චූලා පද්මේන්ද්‍ර යන මහ­ත්මීන් තමන් නිවැ­ර­දි­ක­රු­වන් බව අධි­ක­ර­ණයේ දී ප්‍රකාශ කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 04 වැනිදා සිද්ධි­යට අදාළ චෝදනා කියවා දීමෙන් පසු­වය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් දෙපි­රි­සම සමත මණ්ඩ­ල­යට යොමු කළ ද සම­ත­යක් නොවු බැවින් නඩුව විභා­ග­යට ගැනී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා තීර­ණය කර තිබිණි. ඒ අනුව මෙම නඩුව ඊයේ (01) අධි­ක­ර­ණය හමුවේ යළි කැඳවූ අව­ස්ථාවේ මෙම කරුණු අනා­ව­ර­ණය විය.

වර්ෂ 2020 ශ්‍රී ලංකා විවා­හක රූ රැජන වන පුෂ්පිකා ද සිල්වා මහ­ත්මිය ඉකුත් 2021 වසරේ අප්‍රේල් මස 05 වැනිදා කරනු ලැබූ පැමි­ණි­ල්ල­කට අනුව කුරු­ඳු­වත්ත පොලි­සිය මෙම නඩුව අධි­ක­ර­ණය හමුවේ ගොනු­කර තිබිණි. මෙම සිදු­වී­මෙන් රජ­යට රුපි­යල් ලක්ෂ 07ක අලා­භ­යක් සිදුවී ඇති බවට කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.