
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි හත්‍රාස් ප්‍රදේශයේ පැවති ‘සත්සං’ නමැති හින්දු ආගමික උත්සවයක් අතරතුර තෙරපීමකින් 121 ක් පමණ මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
අඟහරුවාදා මෙහි ආගමික සභාව ලෙස හැඳින්වූ උත්සව අවස්තාවට විශාල පිරිසක් රැස්ව සිටි බව පැවසේ. උත්තර් ප්‍රදේශ්හි හත්‍රාස් හි පුල්රායි ගම්මානයේ පැවති ‘සත්සං’ උත්සවයකදී මෙම සිදුවීම සිදුව ඇත.
පොලීසිය පැවසුවේ, අධික තදබදය හේතුවෙන් තෙරපීම සිදුව ඇති බවයි.
ඇසින් දුටුවන් පැවසුවේ පිටවීමේ මාර්ගය ඉතා පටු වූ නිසා මිනිසුන් පිටව යන විට දරුණු දූවිලි කුණාටුවක් මතුවූ බවත් එවිට ව්‍යාකූලත්වයට සහ භීතියට හේතු වූ අය ඒමේඅත තෙරපෙන්නට පටන්ගත් බවය.
ඇස්වලට දූවිලි වැදී කලබලයෙන් යද්දී බොහෝ මිනිසුන් පාගා දැමීම් සිදුවූ බව පැවසිණි.
මිනිස්සු පාර අයිනේ කාණුවකටද වැටී ඇති අතර එකා පිට එක වැටෙන්න වී ඇතැමුන් පොඩිවී මියගිය බව වාර්තාවේ.
සමාජ මාධ්‍යවල වීඩියෝවල දැක්වෙන්නේ ප්‍රාදේශීය රෝහලකින් පිටත සිරුරු ගොඩගැසී ඇති අයුරුයි.
සිද්ධියට හේතුව සොයා බැලීම සඳහා ADG අග්‍රා සහ අලිගාර් කොමසාරිස්ගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවා ඇති බව වාර්තාවන් පවසයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මේ සම්බන්ධයෙන් ශෝකය පළකර ඇති අතර ඒ ගැන සොයා බලන ලෙසද දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval