It-is-as-if-the-relics-of-the-historical-Dighavapiya-were-buried

අම්පාර ඓතිහාසික දීඝවාපි රජමහා විහාරයේ චෛත්‍යයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පෙරවරුවේ සිදුවිය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට මෙම වගකීම භාර දී තිබිණ. ඒ අනුව 2011 වර්ෂයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වනජීවි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්වරුන් අතින් මුල්ගල තබා මෙම චෛත්‍යයේ වැඩ ආරම්භ කරනු ලැබීය.


එතැන් පටන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය නැවත දීඝවාපි චෛත්‍යය ප්‍රති නිර්මාණය කිරීම ආරම්භ කර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ චෛත්‍යයේ වැඩ කටයුතු නිමවෙමින් පවතී.මෙම ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට පෙර දීඝවාපි විහාරස්ථානයේ සති පිරිතක් ද පැවැතීය. කරඬු දෙකක තැන්පත් කෙරුණ ධාතූන් වහන්සේලා චෛත්‍යය උඩට වැඩම කරවීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් විසින් සිදුකරනු ලැබීය.




ඉන් අනතුරුව එම එම කරඬු දෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට භාර දීමෙන් පසුව සියක් නමක් භික්ෂුන් වහන්සේලාගේ සෙත් පිරිත් මැද දහස් ගණනක ජනයාගේ සාධුකාර මැද චෛත්‍යයේ ධාතු ගර්භයේ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරිණි.ධාතු තැන්පත් කිරීමට සමගාමීව දීඝවාපි පුදබිමේ ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත්වරුන් විසින් සිදුකරනු ලැබීය. මෙම ධාතු මන්දිරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරනු ලැබීය.


මේ සමගම දරණාගම කුසලධම්ම හිමි අනුස්මරණ ශාලාව උන්වහන්සේගේ මෑණියන් වන කැරලයින් නෝනා බාලසුරිය මහත්මිය විසින් විවෘත කරනු ලැබීය. අස්ගිරි මහා විහාරිය පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි, රාමාඤ්ඤ නිකායේ අනුනායක අංකුඹුරේ පේමවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, පොතුබන්ධණ පුරාණ රජමහා විහාරාධිපති මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික මහඔය ජිනරතන හිමි, උතුරු නැගෙනහිර දෙපළාතේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිඳිවැල සෝමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති - වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එස්.ඒ. කුලතුංග, 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද සහාභාගි වූහ.
(වසන්ත චන්ද්‍රපාල)

deegawapi (1) deegawapi (2) deegawapi (3)

deegawapi (4) deegawapi (5) deegawapi (6) deegawapi (7) deegawapi (8) deegawapi (9) deegawapi (10) deegawapi (11) deegawapi (12) deegawapi (13) deegawapi (14) deegawapi (15) deegawapi (16)

deegawapi (17) deegawapi (18) deegawapi (19) deegawapi (20) deegawapi (21) deegawapi (22) deegawapi (23) deegawapi (24) deegawapi (25) deegawapi (26) deegawapi (27)

deegawapi (28) deegawapi (29) deegawapi (30) deegawapi (31) deegawapi (32) deegawapi (33)