
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් අනතුරක් සිදුව තිබෙයි.
මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ මගින් 18 ක් පමණ සිට ඇති අතර ,සෙසු පිරිස තුවාල නොලබා බේරි ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුරින් බස්රථය ට අලාභහානිද සිදුව තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval