Dr-Sepalika-died-in-Madampe-bus-lorry-accident

මාදම්පේ, කරු­ක්කු­ලිය ප්‍රදේ­ශ­යේදී සිදුවූ ලංගම බස් රථ­යක් සිමෙන්ති පැටවූ ලොරි රථ­යක ගැටී­මෙන් සිදුවූ අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි හලා­වත රෝහලේ නොමේරූ ළදරු ඒක­කයේ සේවය කළ වෛද්‍ය­ව­රිය ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙරේදා (15) මර­ණ­යට පත්ව ඇත.

මෙසේ මර­ණ­යට පත්ව ඇත්තේ නාත්ත­න්ඩිය, දුන්ක­න්නාව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි එක්දරු මවක් වූ හලා­වත රෝහලේ නොමේරූ ළදරු ඒක­කයේ සේවය කර­මින් සිටි වෛද්‍ය­ව­රි­යක වන සේපා­ලිකා වන­මලී නැමති 37 හැවි­රිදි එක් දරු මවයි.

පසු­ගිය ජූනි 4 වන දින කොළඹ සිට හලා­වත දේවා­ල­හං­දිය දෙසට ගමන් කර­මින් තිබූ හලා­වත ලංගම ඩිපෝ­වට අයත් බස් රථය මෙසේ මාදම්පේ, කරු­ක්කුව ප්‍රදේ­ශ­යෙදී සිමෙන්ති ප්‍රවා­හ­නය කළ ලොරි­යක ගැටී 27 දෙනෙකු තුවාල ලබා හලා­වත හා මීග­මුව රෝහල් වෙත ඇතු­ළත් කර සිටි­යදී බස් රථයේ රියැ­දුරු හා තවත් දෙදෙ­නෙකු මර­ණ­යට පත්ව තිබුණි.



තම දරුවා පාස­ලට රැගෙන ගොස් ඉංජී­නේ­රු­ව­ර­යකු වන සැමියා සමඟ ලංගම බස් රථ­යට වෙන්න­ප්පුව ප්‍රදේ­ශ­යෙන් මෙම වෛද්‍ය­ව­රිය ගොඩවී ඇත. වෛද්‍ය­ව­රි­යගේ සැමියා මාර­විල නග­ර­යෙදී බස් රථ­යෙන් බැස නාත්ත­න්ඩිය, දුන්ක­න්නාව පිහිටි නි‍ෙව­සට පැමිණ තිබේ.

වෛද්‍ය­ව­රිය හලා­වත මහ රෝහ­ලට සේවය සඳහා එම සඳහා බස් රථ­යෙන් පැමි­නෙ­මින් සිටි­යදී මෙලෙස අවා­ස­නා­වන්ත ලෙස බස් රථ අන­තු­රට ලක්වී ඇය හා සෙසු මගීන් බර­ප­තළ තුවාල ලබා තිබුණි.

එසේ බර­ප­තළ ලෙස තුවාල ලබා අසා­ධ්‍යව සිටි මෙම වෛද්‍ය­ව­රිය ප්‍රති­කාර සඳහා ඇය සේවය කළ හලා­වත රෝහ­ල­ටම රැගෙන විත් තිබූ අතර තුවා­ල­ක­රු­වන් අතර සිටි තම මිතු­රිය බේරා ගැනී­මට තම සහෝ­දර වෛද්‍ය මිතු­රන් මහත් වෙහෙ­සක් ගෙන තිබුණේ ඒ වන­වි­ටත් තුවාල කරු­වන් 27 දෙනෙ­කුට ද ප්‍රති­කාර ලබා දෙමිනි.

තමන් සමඟ එකට සේවය කළ වෛද්‍ය මිතු­රි­යගේ සිරුර පුරා තිබූ දරුණු තුවාල වෙත ප්‍රති­කාර කර­මින් ඇය බේරා ගැනී­මට වෛද්‍ය කාර්ය මණ්ඩ­ලය සති­ය­කට ආසන්න කාල­යක් දැඩි වෙහෙ­සක් ගෙන තිබුණි.

නමුත් ඇයගේ තත්ත්වය යහ­පත් අතට පත් නොවීම හේතු­වෙන් කෙසේ හෝ ඇයව බේරා ගැනී­මට කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කිරී­මට කට­යුතු කර තිබුණි.



කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි වෛද්‍ය­ව­රි­යට සැත්කම් කිහි­ප­යක් සිදු කර තිබූ නමුත් ඇය යහ­පත් තත්ත්ව­යට ගැනී­මට නොහැකි වී තිබූ බව රෝහල් තොර­තුරු සඳ­හන් කරයි.

ජීවි­ත­යත් මර­ණ­යත් අතර සට­නක නිරත වූ මෙම වෛද්‍ය­ව­රිය 15 දින ජීවි­තය අත­හැර ගොස් තිබූ බව ඇයට ප්‍රති­කාර කළ වෛද්‍ය­ව­රුන් පව­සයි.

මෙම වෛද්‍ය­ව­රිය කුලි­යා­පි­ටිය මහ රෝහලේ සේවය කර ඉන් පසුව පුත්ත­ලම මූලික රෝහලේ වසර 4කට ආසන්න කාල­යක් සේවයේ නිර­තවී යන විට හලා­වත මහ රෝහලේ සේවය කර­මින් සිටි­යාය.

මෙම වෛද්‍ය­ව­රිය පුත්ත­ලම මූලික රෝහලේ සේවය කර ඇත්තේ ළමා ඒක­කයේ බව කියයි. දරු­වන් වෙනු­වෙන් කැපවී ඇති නිහ­ත­මානී වෛද්‍ය­ව­රි­යක් බවත් ඇය තම සෙසු කාර්ය මණ්ඩ­ලය සමඟ සෑම රෝහ­ල­ක­දීම සුහ­දව කට­යුතු කර ඇති බව ද කියයි.


හිරාන් ප්‍රියං­කර ජය­සිංහ