Signs-of-Biden-withdrawing-from-the-presidential-race-after-contracting-Covid-for-the-third-time

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ්19 රෝගයට තෙවැනි වරටත් ගොදුරුව ඇතැයිද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් සිටින බවද ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා තිබේ.
81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර දෙවරක් වෛරසය ආසාදනයවී ඇති අතර එන්නත් ලබා දී තිබුණි.


ජනපතිවරණයකට සූදානම්ව සිය පක්ෂයේ අපේක්ෂකත්වය නම්කරන්න මතභේද පවතින අතරවාරයේ බයිඩන් මෙලෙස රෝගී වී තිබේ.



 ලාස් වේගාස් හි අවසන් කතාව සිදුකර අනතුරුව රාත්‍රියේ ප්‍රචාරක කථාවක් කරන්නට සිටි ජනපතිවරයා රෝගීවීම නිසා එය අවලංගු කළේය. බයිඩෙන් තම රාජකාරි කටයුතු කරගෙන යන අතරතුර ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසේ හුදෙකලා වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ. ඔහුගේ වෛද්‍ය කෙවින් ඕ'කොනර් ප්‍රකාශ කළේ බයිඩෙන් කොවිඩ් නිසා හටගත් ශ්වසන රෝග වලින් පීඩාවට පත්ව ඇති බවයි.



ඔහුගේ රෝගය දැනගත් පසු සෙනෙට් නායක චක් ෂූමර් සහ හකීම් ජෙෆ්රීස් ඇතුළු ඩිමොක්‍රටික් දේශපාලනඥයන් විශාල ප්‍රමාණයක්, බයිඩෙන්ගේ අපේක්ෂකත්වය පිළිබඳව පුද්ගලිකව කනස්සල්ල පළ කළහ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට බයිඩෙන්ට ඇති හැකියාව අවම බව පෙන්වා දී ඇති අතර මැතිවරණ තරඟයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීම් කර තිබේ.
ඩිමොක්‍රටික් පක්ෂය තුළ වෙනත් අපේක්ෂකයෙකු ගැන පැවති අදහස් මේ වනවිට ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර මේ දක්වා අපේක්ෂකයෙකු නම් කර නැති පසුබිමේ බයිඩන්ට අවස්ථාව අහිමිවීමේ සම්භාවිතාව වැඩි බවද වාර්තාවේ.