Nayana-Vasula-did-not-bring-8-crores-Anjali

පසුගියදා අතුරුගිරිය ඝාතන සිදුවීමෙන් තුවාල ලද ගායිකා කේ.සුජීවාගේ වැඩිමල් දියණිය අංජලී හිරු ටීවී රතු මිනිත්තුව වැඩසටහනට මවගේ අලුත්ම තත්වය ගැන ප්‍රකාශයක් කර තිබේ.
එහිදී ඇසූ ප්‍රශ්නවලට ඇය  දුන් පිලිතුරු පහත පරිදිය.

ඇත්තටම අම්මගේ තත්වෙ මොකක්ද?

අම්මගේ තත්වය ජෙනරල් හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් උනා ප්රයිවට් හොස්පිටල් එකක දැන් ඇඩ්මිට් වෙලා ඉන්නේ ජෙනරල් එකේ එයාට ට්‍රීට් කරපු ඩොක්ටර්ස්ලා මේකෙදි එයාට ට්රීට් කරනවා.

එක කකුලකින් පටන් අරගෙන ඊළඟ කකුල වෙනකන් එක ෂෝට් වැදිලා තියෙනවා. ඊට පස්සේ තව එකක් ලෝවර් ලිම් එකට වැදීලා තියෙනවා. ඒ ලෝවර් ලිම් එකේ තියන ඉන්ජරි එක ඇවිල්ලා කකුල ඔන්න මෙන්න වෙන් වෙන තරමට තමා තිබ්බෙ ජෙනරල් හොස්පිට්ල් එකට ගේනකොට.. හැබැයි ඩොක්ටර්ස්ලා සීයට අසූවක් විතර ටෙම්පරරි ඒක ෆික්ස් කරලා තියෙන්නෙ. ඒත් හැබැයි ඇවිදින්න නම් තව කාලයක් යනවා එයාට..



මවගේ මානසික තත්වය කොහොමද?

එයා ගොඩක් ෂොක් වෙලා ඉන්නෙ ඇත්තටම. මොකද මේක ඇවිල්ලා කාට වුණත් කවුරුත් ෂොක් වෙනවා මේ සිටුවේෂන් එකේදී ලොකු ලොස් එකක් වෙලා තියෙන්නෙ එයාගේ ජීවිතේ.ආදරේ කරපු එයා ජීවත් වෙච්ච එයාගේ ස්වාමිපුරුෂයා නැතිවෙලා පැත්තකින් අනෙක් පැත්ත කියා එක්තැන් වෙලා ඇවිදින්න බැරුව හරි සැර බෙහෙත් ගන්න ගමන් ඉතින් මානසිකව සෑහෙන්න වැටිලා ඉන්න.


ටැටූ ආයතනය විවෘත කරන්න ආරාධනාව කොහොමද ලැබුනේ?


ඉන්වයිට් කරපු කෙනා මිස්ටර් පියර්ස් කියන ආයතනයේ කලින් වැඩකරපු කෙනෙක්. එතැන එම්ප්ලෝයී කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා ඉන්වයිට් කළා. අම්මාගේ පුරුද්දක් තියනවා කවුරු අලුත් බිස්නස් එකක් හරි කවුරු හරි මොනා හරි පටන් ගන්නවා නම් එයා එයාගේ උපරිම සහයෝගය ලබා දෙනවා. එයාගේ හැටි ඒ.  කලින් දවස් තිබිලා තියෙනවා අපි මේ උදේ පාන්දර පහට හයට මේකප් දාගෙන ජාඇල පැත්තෙ එහෙම එකේ ක ඕපනින් වලට ගිහිල්ල තියෙනවා. මොකුත් එයාට හම්බෙන්නෑ  ඕපනින් එකේ ෆොටෝස් අරගෙන ඒවත් දාලා එයාගෙ පැත්තෙන් එයාට ලබාදෙන්න පුළුවන්
සහයෝගය ලබාදෙනවා.
 මෙයා කෝල් කරලා ඉන්වයිට් කරපු වෙලාවේ මෙහෙම මං අහවලා මේ එයාගෙම දෙයක් ඕපන් කරනවා. ඉස්සර කාගේ හරි යටතේ වැඩ කරපු කෙනෙක්. ඉතින් එයා එයාගෙම දෙයක් ඕපන් කරනවා කියලා කිව්වම අම්මා ඉතින් දෙසැරයක් හිතුවේ නෑ.
අම්මා කිව්වා ගිහිල්ල අපි මුහුණ පෙන්නලා එමු කියලා.  පව් ඔළුව දාල එමු කියලා.



ක්ලබ් වසන්ත එනවයි කියල දැනගෙන හිටියද?

එයා එනවයි කියලා අපි දැනන් හිටියේ නෑ ඒවගේම ෂෙනාල් ඉන්වයිටඩ් කියලා අපි දැනන් හිටියෙ නෑ. කවුද ඉන්වයිටඩ් කියලා  දැනන් හිටියෙ නෑ. කෙටියෙන්ම කිව්වොත් අපි හිතුවෙ අපිට විතරයි මොකද අපි දැක්ක එක පෝස්ට් එකයි ඒකෙ හිටියෙ අපි තුන්දෙනා විතරයි.

ඔය දෙන්නත් ගියාද නංගියි ඔයයි?

නෑ අපි ගියෙ නෑ.  මොකද එදා දවසේ 11 වෙද්දී මටයි අම්මටයි, නංගිටයි මියුසික් වීඩියෝ ෂූට් එකක් තිබුනා. අපි සින්දුවක් හැදුවා.ඉතින් ෂූට් එකට මේකප් දාන්න ගෙදරට එන්න හිටියේ උදේ එකොළහට. ඇක්චුවලි මේක කලින් කතාකරගෙන හිටියේ උදේ ගිහින් ඇවිත් ආයෙ කරන්න අමාරු නිසා  ඕකට නොගිහින් ඉමු කියන එකතමා කලින් දවස ප්ලෑන් එක තිබුනෙ.

නැකත් ටයිම් එක 9.45 කියලා කිව්වා. ඉතින් මම කිව්වා ඒක හරියන් නැහැ.  පස්සෙ වෙලාවක හරි ගිහිල්ලා මේ ටික් ටොක් එකක් හරි මොකක් හරි හදලා දෙමු ප්රමෝට් නම් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිතලා අපි කන්වර්සේෂන් එක නැවැත්තුවා. ඊළඟ දවසේ උදේ අම්මා එයාට හිත දුන්නෑ එතකොටත් හිතුවේ ඇයි පව් අර මනුස්සයා පව් හරි කමක් නෑ ළමයි දෙන්නට
හිතනවානම් ඒක ඒගොල්ලන්ට අමාරුයි කියලා වීඩියෝව නිසා මුළු දවස ම අදින්න.එයා යන්නම් කිව්වා අපට ඉන්න කියලා. ගිහින් පට ගාලා එන්නම් කිව්වා. එහෙම තමයි ඒක වුනේ.




සමාජ මාධ්ය විවිධ කතා ගියානෙ මේ මේ සිද්ධියත් එක්කම?

විවාහයක් කියන්නෙ පර්සනල් දෙයක් නෙ. කපල් එකක් කියන්නේ හස්බන්ඩ් වයිෆ් ඒ ඒ ඇවිල්ල පර්සනල් දෙයක්. ඉතින් ඒගොල්ලන් දෙන්නගේම කැමැත්ත මත තමයි තීරණය අරගෙන විවාහ වුනේ ඒක ප්‍රසිද්ධ නොකරෙ. ලංකාවේ කියන විකාර කතා එක්ක. ඒක දෙන්නගේ තීරණයක්. මේ රටේ ස්පෙෂල් මේ ලංකාවේ ජීවත් වෙනවා නම් ඉතින් සෑහෙන්න මේ වගේ විකාර වලට මුහුණ දෙන නිසා..ඒ ගොල්ලො අර සතුටෙන් මේ අවුරුදු 4 හරි හිටියේ ඒ විදිහට තියාගත්ත හින්දා.
ඒකට ඉතින් සමාජමාධ්ය නෙවෙයි කාටත් මුකුත් කියන්න බෑ මටත් මුකුත් කරන්න බැහැ කියන්න බැහැ ළමයා වෙලා ඉතින්
ඒක හංගන් හිටියා කියලා කියන එක නෙමේ කරේ පබ්ලික් නොකරපු එක. හැබැයි ඕක නොදන්න පිරිසක් ඉන්න ගමන්ම ඒක හා සමානව දැනගෙන හිටපු පිරිසකුත් ඇති.

මේ දේපළ ගන්න මේ දේ කළාය කියනඑක ගැන මොකද කියන්න තියෙන්නේ?

කෝටි කීයද 8 ක්ද කොහෙද ගෙනාව කියල කියන්නෙ. ඒවා මුකුත් ගෙනාවෙ නැහැ.

අම්ම නැතිව වැඩකටයුතු කරගෙන යන්නේ කොහොමද?

එයාට ආදරේ කරන කට්ටිය ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ විශ්වාස කරන්න එපා. ඔය කියන දේවල් ගොඩක් බොරු මං දැක්ක මං කලන්තෙ දාලා වැටුණා කියලා කියලා තිබ්බා තව මොකක්ද මං අම්මා මරන්න හදනව වගේ කතා කියල තිබ්බ
මට මේ කියන්න තියෙන්නේ එක පැත්තකින් තමයි මෙච්චරකල් ඇටෑක් කරේ.
අපි නිහඩව හිටියා. අපේ පැත්තත් අහල ජජ් කරල බලන්න. එහෙම විශ්වාස කරන්න.
මෙතන අපි පවුලෙ කෙනෙක් නැති වෙලා ඉන්නෙ. අපේ අම්මට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ඔක්කොම මානසිකව වැටිලා ඉන්නෙ. මේ වගේ වෙලාවක අර රැල්ලට යනවද නැත්නම් මනුස්සකමෙන් හිතනවද කියන එක තීරණය කරන්න කියලයි මට කියන්න තියෙන්නෙ.