An-unexpected-accident-occurred-while-removing-fallen-trees-in-front-of-the-Speakers-official-residence

බත්තරමුල්ල පොල්දූව කථා­නා­යක නිල නි‍වස ඉදි­රි­පිට මාර්ග­යට ගස් දෙකක් කඩා වැටී සිදුව තිබූ අන­තුර යථා තත්ත්ව­යට පත්ක­ර­මින් සිටි­යදී අධික වේග­යෙන් මාර්ගයේ ධාව­නය වූ මෝටර් රථ­යක් ඒ මතින් ධාව­නය වීමට යාමේදී එහි රියැ­දුරු බර­ප­තළ තුවාල ලබා පෙරේදා (27) දා රාත්‍රී කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කළ බව වැලි­කඩ පොලි­සිය පව­සයි.

පාර්ලි­මේ­න්තුව දෙස සිට පොල්දූව මංස­න්ධිය දෙසට ගමන් ගන්නා මාර්ග­යට නා ගසක් සහ තවත් ගසක් කඩා වැටී පෙරේදා (27) රාත්‍රියේ අන­තු­රක් සිදුව තිබුණි. අන­තු­රින් එම මාර්ගයේ මංතීරු තුනක් සම්පූ­ර්ණ­යෙන්ම අව­හිර වී තිබූ අතර සිද්ධි­යත් සමඟ වැලි­කඩ පොලි­සිය එම ස්ථාන­යට ගොස් පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

එම ස්ථානය අඳුරු සහිත ස්ථාන­යක් බැවින් පැමිණ තිබූ වාහ­න­වල විදුලි පන්දම් දල්වා­ගෙන මාර්ගය යථා තත්ත්ව­යට පත් කිරී­මට කෝට්ටේ ගිනි නිවන ඒක­කයේ නිල­ධා­රීන් හා ගුවන් හමුදා නිල­ධා­රීන් යුහු­සු­ළුව ගස් දෙක කපා ඉවත් කර­මින් සිටි­යදී එක්ව­රම පාර්ලි­මේ­න්තුව දෙස සිට පොල්දූව මංස­න්ධිය දෙසට පැයට කිලෝ­මී­ටර් සිය­ය­කට ආසන්න වේග­ය­කින් ධාව­නය වූ මෝටර් රථ­යක් ගසෙහි අතු කඩා බිඳ දම­මින් ධාව­නය වී අන­තු­රක් සිදුව තිබේ.



අන­තු­රින් මෝටර් රථ­යට බර­ප­තළ හානි සිදුව ඇති අතර එහි රියැ­දු­රුගේ අතක් බිඳී ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කළ බව පොලි­සිය කියයි.

මීට අම­ත­රව කෝට්ටේ ගිනි නිවන ඒක­කයේ කාර්ය­භාර නිල­ධාරි ඩී.ඩී. සුනන්ද මහතා ඇතුළු නිල­ධා­රීන් පව­සන පරිදි ගිනි නිවන රථ­යක් සහ ගලවා ගැනීමේ රථ­යක් පැමිණ මහ­ම­ඟට වැටී තිබූ ගස්වල අතු කපා ඉවත් කර­මින් සිටි­යදී ඉහ­ළින් බිමට වැටුණු ගසක අත්තක් චේන් ෂෝ යන්ත්‍ර­යක් මතට වැටී එය සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබේ.

අන­තු­රට පත් මෝටර් රථයේ රියැ­දුරු බීම­තින් සිට ඇද්දැයි පරි­ක්ෂා­වට යොමු කිරී­මට නිය­මි­තව තිබුණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැලි­කඩ පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.
(කොට්ටාව ප්‍රදීප් කුමාර)