Those-who-went-there-last-night-also-came-in-the-morning-Kanchan-is-a-friend-who-stood-together-Namal

ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහට පොහොට්ටුව සහය නොදක්වන බවට ඊයේ කළ නිවේදනයෙන් පසු පොහොට්ටුවේ දෙදරීමක් වාර්තා විය. එම තත්වය ගැන නාමල් රාජපක්ෂ අද (30) දහවල් මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කිරීමක් කර තිබුනේ මෙසේය.


"මේක අපි අපේක්ෂා කරපු කාරණයක්. මොකද මැතිවරණයට ඉදිරිපත් වෙනකොට සාමාන්ය ඉතිහාසයේ ඉඳන්ම නොයෙක් පක්ෂවල යම් අදහස් තියෙනවා. සාකච්ඡා කරලා තමන්ගේ අදහස් සහ මත විමසනවා. සාමාන්ය කාරණයක්.

අපි මුල ඉඳන්ම පක්ෂය ශක්තිමත් කරමින් වැඩ කටයුතු ක්රියාත්මක කරගෙන ආවා.

පක්ෂය ශක්තිමත් කරමින් අපේ මතවාදය ජයග්රහණය කරවන්න අපි කටයුතු කළ යුතුයි.
අපි හිටගන්නේ යූඑන්පී විරෝධී කඳවුරේ දී පැහැදිලිවම.
 මතක තබාගත යුතුයි. ජනාධිපතිවරණයේදී ගනුදෙනුව තියෙන්නේ මහජනතාව එක්ක මිසක් මනාප දේශපාලනය තුළ නෙවෙයි. සමහර වෙලාවට සමහරු හිතනවා ඇති මේ වෙලාවේ මනාප දේශපාලනය කරන්න හොඳ වෙලාවක් කියලා.
ඉතිහාසය තම ජයග්රහණය කළේ ජාතික වැඩපිළිවෙළක් එක්ක ගියපු නායකයා සහ කඳවුරු.

බහුතරයක් ද සුළුතරයක් ද කියන කාරණය දැන් ඔය ගියා කියන අපේ ගෙදරත් ඇවිල්ලා ගිය අය ඊයේ රෑ ආයෙත් ආවා සමහරු.
 අද උදෙත් හම්බුණා.
 මේ දේශපාලන හොඳට පුරුදුයි. ඉතින් මෙවැනි සිදුවීම් වෙච්ච පළවෙනි අවස්ථාව නෙවෙයි
අපි නියෝජනය කරපු දේශපාලන කඳවුර අපි ආරක්ෂා කරමු. ජාතික චින්තනය ජාතික ආර්ථිකය, ගොවියා ධීවරයා, කම්කරුවා රණවිරු ආරක්ෂා කරන වැඩපිළිවෙළ අපි එකට ඉමු කියන ආරාධනය කරනවා.



අපේක්ෂකයා තේරීම පිළිබඳව මීට වඩා අපි තව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. පළවෙනි කාරණය තමයි අපි ඉඳ ගත්තේ. කොතනද? කියල හොයන්න වෙනවා.
අපි තවදුරටත් අපි විශ්වාස නොකරන අය ගැන ඒ කාරණා මත අපි තවදුරටත් යනවාද? නැත්නම් පක්ෂයක් කඳවුරක් ආරක්ෂා කරන්න පක්ෂයේ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවාද කියන කාරණය.
නොයෙක් පෞද්ගලික කාරණා සඳහන් කරලා තිබුනා. එහෙම දෙයක් නැහැ.
මොකද අපි නියෝජනය කරන දේශපාලන මතවාදය වෙනුවෙන් තමා වැඩ කරන්නේ.

තීරණ වෙනසක් තවදුරටත් අපේක්ෂාවෙන් බලා සිටිනවා කියලා කාංචන විජේසේකර අමාත්යවරයා කිව්වා මොකද කියන්නේ?

එතුමා මාව දන්නවා පොහොට්ටුව මේ රටේ වමේ දේශපාලන එතුමා අපේ කඳවුර වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. අපේ පෞද්ගලිකවත් මගේ හොඳම මිත්රයෙක්. ඉතින් අපිට දේශපාලනික වශයෙන් මතවාදීව වෙන් වෙන් වුණත් පෞද්ගලික අපි වෙන්වෙලා නෑ සම්බන්ධතාව අදටත් තියෙනවා.
දේශපාලනික වශයෙන් මේ වෙලාවේ අපි දෙන්න නියෝජනය කරන කඳවුරු  දෙකක් බවට ස්වභාවධර්මය පත්වෙලා තියෙනවා.



මොකද අපි ප්රතිපත්තිමය වශයෙන් එකතු වෙනවා මිසක් අපි පුද්ගලයෝ පදනම් කරගෙන එකතු වෙන්නේ නැහැ.
මගේ හොඳම යාලුවෝ ටික මා 2010 පාර්ලිමේන්තු ඇවිල්ලා මාත් එක්ක වෙඩි කාලා හිරේ ගිහිල්ල ගුටි කාපු අය. ඉතින් අද මතවාදීව යූඑන්පී කඳවුර සහ විරෝධී කඳවුරක අපි දෙගොල්ල දෙපැත්තට බෙදිලා තියෙනවා  මතවාදීව බෙදීමක් මිසක් පෞද්ගලික බෙදීමක් නෙවෙයි.
අපි නියෝජනය කරන කඳවුර අපි ආරක්ෂා කරන්න ඕන"